
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුනුපිටිය දුම්රිය ස්ථානයේ පවතින සංඥා දෝෂයක් හේතුවෙන් පහළ දෙසට එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියයන් අද (21) දිනයේ දී ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි බවද දැනුම් දී ඇත.
එමෙන්ම අද පෙ.ව.09/35 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානය දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් දහවල් 12/40 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවන බව සඳහන් වේ.
















































