header logo
Vallibel FD
උණුසුම් පුවත්
අයහපත් කාලගුණයෙන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි - 600ක් පීඩාවට
Oct 20, 202507:30 PM
අයහපත් කාලගුණයෙන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි - 600ක් පීඩාවට
Mobitel 1278

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පේරාදෙණිය, රුවන්වැල්ල සහ තඹුත්තේගම යන ප්‍රදේශවලින් මෙම සිද්ධීන් වාර්තා විය.

අනුරාධපුර තඹුතේගම ප්‍රදේශයට බලපෑ වර්ෂාපතනයත් සමඟ ඇතිවු ක්ෂණික ගංවතුරට හසුවීමෙන් ඊයේ (19) දිනයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මේ අතර පේරාදෙණිය ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් 72හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා ඇළ මාර්ගයක් අසලින් ගමන් කරමින් සිටියදී ඒ අසල තිබු පස් කන්දක් ඔහු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මේ අතර රුවන්වැල්ල, මාගම්මන ප්‍රදේශයේදී අධික වර්ෂාපතනය පවතින අවස්ථාවක ඇළ මාර්ගයක් හරහා ඒදණ්ඩකින් ගමන් කිරීමට උත්සහ කළ පුද්ගයෙකු එම ඇළට වැටී දියේ ගිලි මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 03ක පවුල් 144කට අයත් පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් සිදුවු අනතුරු වලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම මොරගස්වැව ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දැදුරු ඔය ද්‍රෝනියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, රස්නායකපුර සහ ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක හඳනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, කෑගල්ල, දෙහිඕවිට සහ යටියන්තොට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා අදියර 02 මට්ටමේ, එනම් අවධානයෙන් පසුවීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 35ක් සඳහා අදියර 01 මට්ටමේ, එනම් විමසිලිමත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana