වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 100 ඉක්මවයි
October 20, 2025 10:49 am
2025 වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවා ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
ඊට අදාළ දත්ත වාර්තා අද (20) නිකුත් කරමින් එහි බලධාරීන් සඳහන් කර ඇත්තේ, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.2%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බවය.
අදාළ කාලය තුළ, චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවති බව ද එම වාර්තාවන් හි වැඩිදුරටත් දැක් වේ.
මෙවැනි වර්ධනයක් හිමි කර ගැනීමෙන් චීනයේ ගුණාත්මක සංවර්ධනයෙහි සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කිරීම ද කැපී පෙනෙන්නක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දී තිබේ.