උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

October 19, 2025   04:42 pm

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය  ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලී පැනීමකට ලක්ව ඇති බවය.

අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගය ආසන්නේ සුළු නායයෑම් තත්ත්වයක් හට ගෙන ඇති අතර ඒ හේතුවෙන් මෙම පීලීපැනීම සිදුව ඇති බවට වාර්තා වෙයි.

දුම්රියේ එක් මැදිරියක් පිලී පැනීමට ලක්ව ඇති අතර එය පීලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පීලීපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බවද සඳහන්ය.