ඉෂාරා අදත් රැගෙන යයි - තොරතුරු වසන් කළ PC අත්අඩංගුවට
October 18, 2025 02:10 pm
විමර්ශන කටයුත්තක් සඳහා ඉෂාරා සෙව්වන්දි අදත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබේ.
මේ අතර පොලිසිය පැවසුවේ, ඇයට සැඟවී සිටීමට ආධාර අනුබලදුන් පොලිස් කොස්තාපල්වරයා තොරතුරු වසන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවය.
අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
මේ අතර කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ පියාගෙන් පද්මේව හඳුනාගත් බව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත.
ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත්තේ, තමන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයටද සම්බන්ධ වී සිටි බවය.
ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය පද්මේගේ උපදෙස් මත තමන් සතුව තබාගත් බවද සැකකරු පවසා තිබේ.