
බොරැල්ල කාදර්මානවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ දින විදෙස් ගතවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී එහි ස්ථාපිත කර ඇති මුහුණු හඳුනාගැනීමේ දත්ත පද්ධතිය මගින් ඔහු හඳුනාගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඔහු 25 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.


















































