කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි

කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි

October 17, 2025   04:36 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ මුල්වරට අද (17) ඒකක 22,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

සියලු කොටස් මිල දර්ශකය අද දින ඒකක 217.65ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී ඇති අතර දිනය අවසානයේ දී එය ඒකක 22,633.80ක් ලෙසින් සටහන් වී තිබුණි.

මේ අතර S&P SL20 දර්ශකය අද දිනයේ දී ඒකක 6,263.03ක් දක්වා ඉහළ ගියේ ඒකක 36.39ක වර්ධනයක් සමගිනි.

රු. බිලියන 11.28ක සාපේක්ෂව දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.