header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්දියාවේ දී අගමැතිනියගෙන් ප්‍රබල පොරොන්දුවක්
Oct 17, 202512:38 PM
ඉන්දියාවේ දී අගමැතිනියගෙන් ප්‍රබල පොරොන්දුවක්
Mobitel 1278

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඇය ඉගෙනුම ලැබූ දිල්ලි හින්දු විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදීය.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (16) දිනයේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්විය.

මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් සටහන් කරමින් අගමැතිනිය ඇය ඉගෙනුම ලැබූ දිල්ලියේ හින්දු විද්‍යාලයේ සංචාරයකට ද එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය.

"හින්දු විද්‍යාලය දැන් අංක එකට ඇවිත්. ඒ ගැන ආඩම්බරයි. අපූරුයි. මම මුලින්ම මෙහෙට එද්දි, PEPSI ඉන්දියාවට ආව විතරයි. ඒ කාලේ ඒක හරි ලොකු දෙයක් වුණා. අපි ඒ කාලේ කතාවුණ හැටි මතකයි. පන්ති කාමර තුළ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම පන්ති කාමරයෙන් පිට තණ තිලිවල වාඩිවෙලා, තේ පානය කරමින් කළ කතා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්ප්‍රදාය, අගනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය කියන පොදු උරුමයන්ගෙන් බැඳී පවතිනවා. විටක අපි එකිනෙකා සමඟ එකඟ නොවෙන්න පුළුවන්. එකිනෙකා ගැන සියලුදේටම අකමැති වෙන්න පුළුවන්. ඒක තමයි පවුලක විදිහ. නියම සබඳතා හරියට ඒ වගේ. ඔබ හැමදාම එකට වැඩකරන්න එකට ජීවත්වෙන්න ඉගෙන ගන්නවා. දිනය අවසානයේදී එකිනෙකාට ගරු කරනවා.

ඉන්දියාව හැමදාටම ශ්‍රී ලංකා ගමන් මඟේ නොවෙනස් සහකරුවෙක්ව සිටියා. අපේ ආර්ථික නැගී සිටීමට සහාය වෙමින්, අර්බුද කාලය තුළ අත්‍යවශ්‍ය සහාය ලබාදෙමින්, අපි ස්ථාවරත්වය සහ වර්ධනය ළඟා කරගන්නා විට අපි සමඟ රැඳී සිටියා. ශ්‍රී ලංකාව 2022 වසරේදී වඩාත් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපෑ විට ඉන්දියාව අපිට ණය පහසුකම්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබාදුන්නා. මේවා කිසිදිනක අපිට අමතක නැහැ. ඒවා අපේ ජනතාවගේ හදවතේ ලියැවී තිබෙනවා. මෙය හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සහායක් නොවෙයි. අසීරු අවස්ථාවකදි අපට සහාය වුණ සැබෑ මිතුරෙක්ගෙ සහායක්.

ශ්‍රී ලංකාව අඛණ්ඩව එකම ස්ථාවරයක ඉන්නවා. අපේ භූමිය කිසිදිනෙක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස භාවිත කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි වර්තමානයේ දරන්නෙත් ඒ ප්‍රතිපත්තිය. මෙතන ඉන්න සියලුම සිසුන්ට කියන්නේ, ඔබ සතුව දැවැන්ත ශක්‍යතාවක් පවතිනවා. ඔබ හින්දු විද්‍යාලයේ ලබන අධ්‍යාපනය ත්‍යාගයක්. ඒ වගේම වගකීමක්. බුද්ධිමත්ව එය භාවිත කරන්න. එය පාලම් සෑදීම මිස ප්‍රාකාර සෑදීමට භාවිත කරන්න එපා. පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ දකුණු දිසාව බලන්න. ශ්‍රී ලංකාව දෙස හුදෙක් අසල්වැසියෙක් විදිහට විතරක් නෙමෙයි, සහකරුවෙක් ලෙසත් බලන්න. අපි අදහස් පිරුණු රටක් වගේම, පරිත්‍යාගශීලී, ධෛර්යසම්පන්න මිනිසුන් සිටින රටක්"

මේ අතර අගමැතිනිය අද (17) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම NDTV නාලිකාවේ සංවිධායකත්වයෙන් අද පස්වරුවේදී පැවැත්වෙන 2025 NDTV ලෝක සමුළුව ඇමතීමටත් අගමැතිනිය සූදානමින් පසුවෙයි.

මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, හිටපු බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්, හිටපු ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ඇතුළු ආරාධිතයින් රැසක් එක්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්