header logo
SLIC
උණුසුම් පුවත්
ඉෂාරා කොටුකරගත් නේපාල මෙහෙයුම - තංගල්ලෙත් සැඟව ඉඳලා
Oct 16, 202507:18 PM
ඉෂාරා කොටුකරගත් නේපාල මෙහෙයුම - තංගල්ලෙත් සැඟව ඉඳලා
EDEX

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි තමා ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු රැසක් අනාවරණ කර තිබේ.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ඝාතන සිද්ධියෙන් පසු මාස දෙකකට අධික කාලයක් තමන් මතුගම හා තංගල්ල යන ප්‍රදේශවල සැඟව සිටි බවය.

සංවිධානාත්මක අපරාධකරුවකුවන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව අපරාධකරුවන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු තවත් නිලධාරීන් සිව්දෙනෙකු විසින් ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේය.

ඊයේ(15) පස්වරු 6.52ට පමණ අපරාධකරුවන් රැගත් ගුවන්යානය මෙරටට ළඟාවිය.

එලෙස පැමිණි අපරාධකරුවන් විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙත භාරදෙනු ලැබීය.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි, ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තක්ෂි, ජේ.කේ. බායි නැමැත්තා හා ජැෆ්නා සුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.

ගම්පහ බබා නැමැත්තා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදුන් අතර නුගේගොඩ බබී නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.

මේ අතර අදාළ මෙහෙයුම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අද දෙරණ වෙත ලැබී තිබේ.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ ගිහාන් සිල්වා නම් පොලිස් නිලධාරියා අදාළ මෙහෙයුම සඳහා නේපාලය බලාගොස් තිබුණේ පසුගිය ඔක්තෝබර් 10 වන දිනයි.

එහිදී නේපාලයේ නියෝජ්‍ය තානාපති සමීර මුණසිංහ මහත්මිය හා ඇයගේ සැමියා විසින් අවශ්‍ය සියලු පහසුකම් සලසා එරට පොලිසියද සම්බන්ධ කර ඇති බවද වාර්තා වෙයි.

අනතුරුව ක්‍රියාත්මක වූ මෙරට විමර්ශන නිලධාරීන් තවත් පාර්ශ්වයක් හරහා ජේ.කේ බායි නැමැත්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී රොහාන් ඕලුගල මහතා ඔහුගෙන් ඉෂාරා සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ, තමන් කිසිවක් නොදන්නා බවය.

එහෙත් පොලිසිය ඉෂාරාගේ දුරකතන අංකය ඔහුගෙන් ලබාගෙන ඇත.

ඒ අනුව සිදුකළ සොයා බැලීමේදී ඉෂාරා රැඳී සිටින ස්ථානය අනාවරණය කරගෙන ඇති අතර අනතුරුව ඕලුගල මහතා හා අනෙක් පොලිස් නිලධාරියා ඇය පදිංචි නිවසට නිවාස 5ක් පමණ දුරින් ලැගුම්ගෙන විමර්ශන කර ඇති බව සඳහන් වෙයි.

නේපාල පොලිසිය යොදවා අදාළ ස්ථානය සම්බන්ධයෙන් සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණ තමිලනී නම් කාන්තාවක් අදාළ දෙමහල් නිවසේ උඩුමහලේ කුලී පදනම මත රැඳී සිටින බවය.

ඒ වෙනුවෙන් ඇය මසකට නේපාල රුපියල් 6,000ක මුදලක් ගෙවන බවද අනාවරණය කරගෙන ඇත.

එහෙත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ තමිලිනී නමින් පෙනී සිටින්නේ ඉෂාරා බවය.

සියලු තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව නේපාල පොලිසිය සමග අදාළ ස්ථානයට ගොස් ඇති ඕලුගල මහතා හා අනෙක් නිලධාරියා පහත මහලේ රැඳී සිට ඔවුන්ව ඉහළ මහලට යවා ඉෂාරා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නේපාල පොලිසිය ඇයව අත්අඩංගුවට ගැනීමේදී ඇය කිසිඳු ප්‍රතිරෝදයක් දක්වා නොමැති අතර අනතුරුව ඕලුගල මහතා ඇය සිටි ස්ථානයට ගොස් තිබේ.

එහිදී ඔහු ''කොහොමද සෙව්වන්දි ?''කියා විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පවසා ඇත්තේ, ''හොඳින් ඉන්නවා සර්.'' යනුවෙනි.

අනතුරුව ඕලුගල මහතා විසින් ''අවශ්‍ය ටික ගන්න'' යනුවෙන් පවසා ඇති අතර ඇය එහිදී ''මට මේ රට එපාවෙලා හිටියේ සර්'' යනුවෙන් සඳහන් කළ බව ද වාර්තා වෙයි.

එහිදී ඉෂාරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව තමන් මාසයක පමණ කාලයක් මතුගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි බවය.

අනතුරුව පද්මේගේ උපදෙස් මත මිද්දෙණිය ප්‍රදේශයට ගොස් එහිද මාසයක් පමණ රැඳී සිට ඇති අතර බැකෝ සමන් එහිදී ඇයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරදී ඇති බවට ද අනාවරණය වී තිබේ.

පසුව යාපනයට ගොස් දින තුනක් රැඳී සිට ජේ.කේ බායි ද සමගින් බෝට්ටුකින් ඉන්දියාවට පලාගොස් තිබේ.

පැය පහක පමණ කාලයක් ඒ සඳහා ගතවී ඇති අතර විශාල බෝට්ටුවකින් මදදුරක් ගොස් අනතුරුව කුඩා බෝට්ටුවක් මගින් ඉන්දියාවට ඇතුළු වූ බව ඉෂාරා සඳහන් කර තිබේ.

ඉන්දියාවේ සති දෙකක පමණ කාලයක් රැඳී සිට එහිදී තමිලනී නමින් ඉන්දියානු හැඳුනුම්පතක් ඇයට ජේ.කේ. බායි සකස් කර දී ඇති අතර අනතුරුව නේපාලයට ගිය බව ඇය පවසා ඇත.

වැඩිදුරටත් ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා පවසා ඇත්තේ, තමන් සමග ජේ.කේ. බායිට අමතරව තවත් පුද්ගලයන් සිව්දෙනෙකු සිටි බවය.

ඒ අනුව එම පිරිස ද අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගම්පහ බබා, නුගේගෝඩ බබී, ජැෆ්නා සුරේෂ් හා ඉෂාරාගේ රුවට සමානව පෙනී සිටි තක්ෂි නැමැත්ති බව සඳහන් වෙයි.

කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ පෙර ජැෆ්නා සුරේෂ් හා තක්ෂි නැමැතිතිය නේපාලයට ගුවන් මගින් පැමිණ ඇත.

ඔවුන් හය දෙනාම එකම නිවසක සිට ඇති අතර පද්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ස්ථාන 6කට පිරිස බෙදී ගිය බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

එමෙන්ම තක්ෂි නැමැත්තියගේ විස්තර යොදා සෙව්වන්දිව යුරෝපා රටකට යැවීමට පද්මේ කටයුතු යොදා තිබූ බවද අනාවරණය වී ඇත.

කෙසේවෙතත් පද්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පිරිස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ දී සිට ඇති බව ද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

මේ අතර නුගේගොඩ බබී නැමැත්තාගෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ විසින් තමන්ව හා ගම්පහ බබී නැමැත්තාව මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවට ගෙන්වා ගත් බවය.

මන්නාරම, පේසාලේ ප්‍රදේශයෙන් තමන් දෙදෙනා බෝට්ටුවකින් ඉන්දියාවට පිටත් වූ අතර ඒ සඳහා පද්මේ සම්බන්ධ කර දුන්නේ බැකෝ සමන් නැමැත්තා විසින් බව ද සැකකරු පවසා තිබේ.

ඔහු 2019 වසරේ කොහුවල, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුකර එදිනම ඩුබායි රාජ්‍ය බලා පලා ගොස් ඇති අතර අනතුරුව පසුගිය වසරේ ජූලි 12 වැනිදා එරටින් පිටුවහල් කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

කෙසේවෙතත් සැකකරු පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ