header logo
SLIC
උණුසුම් පුවත්
IMF සමාලෝචන සියල්ල 2027 දී අවසන් කරන බවට මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්
Oct 15, 202501:09 PM
IMF සමාලෝචන සියල්ල 2027 දී අවසන් කරන බවට මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්
Mobitel 1278

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ සමාලෝචන සියල්ල 2027 වසරේ මැදභාගය වනවිට අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2025 වාර්ෂික රැස්වීම් මාලාවට සමගාමීව අමෙරිකාවට ගොස් සිටින මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ "අද දෙරණ" සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

ඉන්දීවරි අමුවත්ත - "ඔබ මොනවද මෙහි කරන්නේ? ඇයි මේ හමුව අපිට මේ තරම් වැදගත්?"

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ - "වොෂින්ටන් නුවර පැවැත්වෙන මේ හමුවීම් ඉතා වැදගත් වෙන්නේ අපිට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් හමුවීමට ලැබෙන නිසා. ඒ වගේම ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ලෙස අනෙක් නියෝජිතයින් සහ ආයෝජකයින් හමුවීමට ලැබෙන නිසා."

ඉන්දීවරි අමුවත්ත - "ශ්‍රී ලංකාව පසුගියදා 5 වැනි සමාලෝචනය සම්පූර්ණ කළා. එහි යම් නිර්දේශ කිහිපයක් සඳහන්ව තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව අත්පත් කරගත් දේවල් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඇගයීමට ලක්කරන අතරම, අපි දූෂණය කළමනාකරණය කරන ආකාරය, රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ, සහ දිගුකාලීන ආදායම් ඉපදවීම සම්බන්ධව කනස්සල්ල පළකර තිබුණා. ඔබේ අවධානය කුමක්ද?"

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ - "පසුගිය සතියේ ශ්‍රී ලංකාව පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කළා. එම සමාලෝචනය ලබන දෙසැම්බර් මාසයේදී අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත්කරනවා. එහිදී වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. වැදගත්ම දේ 2026 වසර සඳහා වන අයවැය පනත සම්මත කරගැනීම. ඊට අමතරව තවත් වැදගත් ප්‍රතිසංස්කරණ තිබෙනවා. රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ වගේ දේවල්. පිරිවැය ආවරණය කරන මිලකරණය, පිරියැව ආවරණය කිරීම අවබෝධ කරගතහැකි ආකාරයේ සරල මිලකරණයක්. ආදායම් මත පදනම් වූ මූල්‍ය ස්ථායීකරණය, තවත් කරුණු දෙකක් තිබෙනවා. ආර්ථික අවපාතයෙන් වැඩිම බලපෑමට ලක්වූ දිළිඳු ජනතාවට මෙම වැඩසටහන යටතේ සහාය සැපයීම ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතාමත්ම වැදගත්. අනෙක තමා දූෂණය සහ රාජ්‍ය ගැටලුවලට පිළියම් සෙවීම. පස්වැනි සමාලෝචනය කියන්නේ මේ ගමනේ අඩක්. අපි සමාලෝචන 8ක් සැපිරිය යුතුයි. අපි 2027 වසර මැදදී එය අවසන්කිරීමට අපේක්ෂාවෙන් ඉන්නවා."

ඉන්දීවරි අමුවත්ත - "මම ඉන්දීවරි, ශ්‍රී ලංකාවේ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවෙන්. මට ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලංකාව වැනි ඉදිරිපෙළ වෙළෙඳපොළ පිළිබඳ ආයෝජක විශ්වාසය ඇගයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන්නේ කෙසේද කියන එක. ඉහළ ණය පිරිවැය හා සීමිත වෙළෙඳපොළ ප්‍රවේශය හමුවේ මූල්‍ය ස්ථාවරත්වය සඳහා වැදගත්වන කරුණු ලෙස ඔබ සලකන දෑ වගේම ප්‍රකෘතිමත්වීමේදී පවතින අවදානම් සහ මේ රටවල් විසින් ව්‍යුහාත්කම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ස්ථාවරත්වයට ඇතිවෙන අවදානම් විදියට ඔබ දකින්නේ මොනවාද?"

IMF මූල්‍ය උපදේශක සහ අධ්‍යක්ෂ ටොබායිස් ඒඩ්‍රියන් - "ඔබ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ප්‍රකෘතිමත් වෙමින් වර්ධනයේ මාවතට අවතීර්ණ වී සිටින්නේ විශ්වාසයක් ගොඩනගා ගනිමින්. වෙළෙඳපොළ ප්‍රවේශය සහිත අඩු ආදායම්ලාභී රටවලට අදාළව ගෝලීය වෙළෙඳපොළ දෙස බැලූවිට මූල්‍ය තත්ත්වයන් සාපේක්ෂව පහසු ආකාරයෙන් පවතින බවක් පෙනී යනවා. ද්‍රවශීලතාව සහ වෙළෙඳපොළට ප්‍රවේශවීමේ හැකියාව මේ වසරේදී ඉහළ මට්ටමක පැවති බවත් කිව හැකියි."

IMF මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජේසන් වූ - "ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සාධනය වැඩිදියුණු වී ඇති බව මටත් කිව හැකියි. ඔබ ඇසූ ආකාරයට ඉදිරිපෙළ වෙළෙඳපොළ පිළිබඳ පොදුවේ අදහස් දක්වනවා නම් ඩොලරය සාපේක්ෂව දුර්වලවීම බාහිර පීඩනය අඩුකර ඇති බව පෙනී යනවා. එමඟින් ඵල ලැබීමේ අවස්ථාවක් පවතින අතර, ඉදිරිපෙළ වෙළෙඳපොළ රටවල් මූලික ආර්ථික රීතින් අඛණ්ඩව වැඩිදියුණු කළ යුතුයි. ජංගම ගිණුම, විදේශ සංචිත ඇතුළු ආරක්ෂණ ගොඩනැංවීමද ඊට ඇතුළත්. විශේෂයෙන් වෙළෙඳපොළ ව්‍යුහයන් ශක්තිමත් කරලීම තුළින් ඉදිරිපෙළ වෙළෙඳපොළවලට ප්‍රාග්ධන මූල්‍ය දේශීයව වුණත් සම්පාදනය කරගත හැකිවනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...