
කිළිනොච්චිය, මුහමාලෙයි, පොත්තර් කුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉඩමක තිබී මෝටාර් උණ්ඩ 40ක් සොයා ගෙන තිබේ.
මෙම උණ්ඩ තොගය ඊයේ (14) දින සොයාගත් බව පලෙයි පොලීසිය පැවසීය.
පොලීසිය පැවසූවේ ඉඩම් හිමියෙකු විසින් වගාවන් වෙනුවෙන් ඉඩම සකස් කිරීමේදී අදාළ උණ්ඩ දැක පොලීසිය දැනුවත් කොට ඇති බවය.
අනතුරුව පොලීසිය විසින් කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී අදාළ මෝටාර් උණ්ඩ සොයාගත් බවද පොලීසිය පැවසූහ.
ප්‍රදේශවාසීන් පැවසූවේ බිම් බෝම්බ නිෂ්ක්‍රීය කරමින් නැවත පදිංචි කළ ප්‍රදේශයක අදාළ පුපුරණ ද්‍රව්‍ය තිබී හමුව ඇති බවය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



















































