header logo
SLIC
උණුසුම් පුවත්
මැදපෙරදිගට දැල්වුණු සාමයේ අපේක්ෂා
Oct 13, 202507:44 PM
මැදපෙරදිගට දැල්වුණු සාමයේ අපේක්ෂා
EDEX

වසර දෙකක කාලයක් පුරා පුංචි දරුවන් ඇතුළු 67,000ක් ඉක්මවූ පිරිසකට ජීවිත අහිමිකළ ඊශ්‍රායල - පලස්තීන යුද්ධයේ අවසානය පිළිබඳ සුබ අපේක්ෂා අද දැල්විය.

ඒ දෙවසරක් පුරා හමාස් ප්‍රාණඇපයේ පසුවූ ඊශ්‍රායල ජාතිකයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින අවසන් විසිදෙනා ඊශ්‍රායලය වෙත භාරදීමත් සමගිනි.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊශ්‍රායලය වෙත පැමිණීම අතර ඔහු ඊශ්‍රායල රජය මගින් පිරිනැමෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබීය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රයත්න මල්ඵලගන්වමින් මැදපෙරදිග කලාපයට අද සාමයේ අරුණලු උදාවී තිබේ.

ඒ දශක ගණනක් පුරා කලාපයට හිසරදයක්ව ඇති ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුමට විරාමයක් ගෙනඒමේ සාම සැලසුම අද සිට ක්‍රියාවට නැංවීමෙනි.

වසර දෙකක කාලයක් හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් අතරින් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ විසිදෙනෙකු පමණක් වන අතර ඔවුන් සියලුදෙනාම අද ඊශ්‍රායලය වෙත භාරදීමට හමාස් සංවිධානය කටයුතු කළේය.

දෙවසරක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි මෙම ඓතිහාසික අවස්ථාව රටපුරා ස්ථාන රැසක දී සජීවීව විකාශය කෙරුණු අතර එය සියැසින් දැකගැනීමටත් දහස් සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන් ප්‍රධාන නගරවලට රැස්ව සිටියේය.

හමාස් ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් වූ නෝවා සැණකෙළි භූමියට ජනතාව රැස්ව සිටියේය.

හමාස් සංවිධානයෙන් ප්‍රාණඇපකරුවන් භාරගත් රතු කුරුස සමාජය ඔවුන් ඊශ්‍රායල විශේෂ හමුදා කණ්ඩායමකට භාරදුනි.

පසුව ඔවුන් එරට රෙයිම් හමුදා කඳවුර වෙත රැගෙන ආ අතර මෙම මෙහෙයුම නම් වූයේ ඔපරේෂන් රිටර්නින් හෝම් (Operation “Returning Home”) ලෙසයි.

දෙවසරක් පුරාවට දහසක් දුක්විඳි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් අවසානයේ සිය ලබැඳියන් සමඟින් නැවතත් එක්වූයේ සංවේදී සියල්ලන්ගේ දෑසට කඳුළක් එක්කරමින්ය.

මීට සමගාමීව ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන ජාතිකයින් 2,000ක් පමණ නිදහස ලැබූ අතර ඉන් 250ක් පලස්තීන සිරකරුවන්ය.

හමාස් සංවිධානය කළ ඉල්ලීම්වලට එකඟවෙමින් හමාස් ප්‍රධානීන් හත් දෙනෙකු ද ඇතුළුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටින පිරිසක් ද නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානම් බව වාර්තා වෙයි.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා පැය 4ක් තරම් කෙටි කාලයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය වෙත අද පැමිණියේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් - "හැමෝම ඉන්නේ නොඉවසිල්ලෙන්. සුවිශේෂී අවස්ථාවක්. ඊශ්‍රායලයේ මිනිස්සු ලක්ෂ 5ක් විතර අපේක්ෂාවෙන් ඉන්නවා. මුස්ලිම් සහ අරාබි රටවල් සියල්ලම ප්‍රමෝදයට පත්වෙලා. මේ හැමෝම මීට කලින් එකම වෙලාවේ ජයඝෝෂා නගලා නැහැ. සාමාන්‍යයෙන් එක් පිරිසක් ප්‍රීතිවෙනකොට අනෙක් පිරිස දුක්වෙනවා. මෙයට සම්බන්ධවීමට ලැබීමත් සතුටක්"

මාධ්‍යවේදියා - "අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු තවමත් යුද්ධය අවසන් කියලා කියන්න සූදානම් නැහැ. ඊශ්‍රායල- හමාස් යුද්ධය අවසන් කියලා ඔබ..."

අමෙරිකානු ජනාධිපති - "යුද්ධය අවසන්. යුද්ධය අවසන්. හරිද? ඔබට එය තේරෙනවද?"

ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව එම කර්තව්‍ය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ බෙන් ගූරියන් ගුවන් තොටුපොළට ගොඩබැස්සේ අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සහ ජනාධිපති අයිසැක් හර්සොග් ගේ ද හරසර මැදයි.

මෙම සුවිශේෂී අවස්ථාවට ජනාධිපති ට්‍රම්ප්ගේ මැදපෙරදිග පිළිබඳ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ උපදේශක ජෙරාල්ඩ් කුෂ්නර් සහ ඔහුගේ බිරිඳ මෙන්ම ට්‍රම්ප්ගේ දියණිය ද වන ඉවන්කා ට්‍රම්ප් ද එක්ව සිටියේය.

අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.

මෙහිදී පාර්ලිමේන්තුව ඇමතූ කතානායකවරයා සහ නෙතෙන්යාහු මෙන්ම විපක්ෂ නායක යායීර් ලිපීඩ් ද ට්‍රම්ප්ගේ නාමය නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ කළා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු - "ධවල මන්දිරයට තේරීපත්වූ ඊශ්‍රායල ජාතියේ හොඳම මිතුරා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔබ සාමයට කැපවෙලා ඉන්නවා. මමත් එහෙමයි. අපි එක්ව සාමය ළඟා කරගමු. මම ඔබේ නම ඊශ්‍රායල ත්‍යාගය සඳහා නිර්දේශ කළා, ඊශ්‍රායල නොවන ජාතිකයෙක් නිර්දේශ වූ පළමු අවස්ථාව. ඊශ්‍රාලයේ ඉහළම සම්මානය. අර අනෙක් ත්‍යාගය... ඒක කාලය ගැන ගැටලුවක් පමණයි. ඔබට එය ලැබෙයි"

අමෙරිකානු ජනාධිපති - "මෙය මට ගෞරවයක්. අපූරු තැනක්. මම මේ වෙලාවේ අප්‍රතිහත ධෛර්යක් ඇති දේශප්‍රේමී මිනිසෙකුට ස්තූති කරන්න කැමතියි. මම කියන්නේ කවුරු ගැනද කියලා දන්නවානේ, ඒ අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු. ඔහු ලේසි පහසු නැහැ. ඔහු විශිෂ්ට වන්නේ ඒ නිසා. මෙය සෑම දෙයක්ම වෙනස්වෙන්න පටන්ගත්ත මොහොතක් කියලා පරම්පරා ගණනාවක් මතක තියාගනියි. යහපත වෙනුවෙන් වූ වෙනසක්. ඒක නම් හරිම කාර්යක්ෂමයි. අපි මාස 8කදි යුද්ධ 8ක් විසඳුවා. මේ යුද්ධෙත් සමඟ. ඊයේ මම කිව්වේ හතයි කියලා, දැන් 8ක් කියන්න පුළුවන්. ප්‍රාණඇපකරුවන් ආවනේ. එහෙම කියනකොට හොඳයි නේද? ප්‍රාණඇපකරුවන් ආපහු ආවා. කියද්දිත් හිතට හොඳයි. මගේ පෞර්ෂත්වය ගැලපෙන්නෙම යුද්ධ නැවැත්වීමට. ඊශ්‍රායල ජාතිකයින්ට පමණක් නොවෙයි, පලස්තීන ජාතිකයින්ට සහ අනෙක් බොහෝ දෙනාටත්, ඒ දිගුකාලීන, වේදනාකාරී, අඳුරු සිහිනය අවසන්. දශක ගණනක් මේ කලාපය වෙලාගත් වසංගතය දැන් දුර්වලයි, තනිවෙලා, මුළුමනින්ම පැරදිලා."

ට්‍රම්ප්ගේ දීර්ඝ දේශනයට මෙහිදී බාධා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පලස්තීනය පිළිගන්නා ලෙස කෑගසමින් කතාවට බාධා කිරීම හේතුවෙනි.

මේ අතර ට්‍රම්ප්, ඊජිප්තුවේ ෂරම් අල් ෂෙයික් හිදී පැවැත්වෙන ගාසා සාම සමුළුවට එක්වීමට නියමිතයි.

එම සමුළුවට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලොනි, ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ද සහභාගිවීමට නියමිතය.

ඊශ්‍රායල අගමැති නෙතෙන්යාහු සහ හමාස් සංවිධානයේ නියෝජිතයෙක් එම අවස්ථාවට එක්නොවන අතර, පලස්තීන අධිකාරිය නියෝජනය කරමින් ජනාධිපති මහමුද් අබ්බාස් ඊට සහභාගි වෙයි.

https://youtu.be/ddE3l2ifsnA
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana