header logo
SLIC
උණුසුම් පුවත්
ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ නිමාවක් දකිමින් ඇරඹෙන සාමයේ අරුණැල්ල
Oct 13, 202512:37 PM
ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ නිමාවක් දකිමින් ඇරඹෙන සාමයේ අරුණැල්ල

වසර දෙකක කාලයක් පුරා කුඩා දරුවන් ඇතුළු 70,000කට ආසන්න පිරිසකට දිවි අහිමිකරමින් පැතිරගිය ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ නිමාවක් පිළිබඳ බලාපොරොත්තු අද (13) දැල්වුණි.

ඒ අනුව දෙවසරක් පුරා හමාස් ප්‍රාණ ඇපයේ පසුවූ ඊශ්‍රායල ජාතිකයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින අවසන් විසිදෙනා රතු කුරුස සමාජය විසින් ඊශ්‍රායල හමුදා වෙත භාරදීම මීට සුළු වේලාවකට පෙර සිදුවිය.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊශ්‍රායලය වෙත මේ වන විට ළඟාවී තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රයත්න මල්ඵලගන්වමින් මැදපෙරදිග කලාපයට අද සාමයේ අරුණලු උදාවී ඇත.

ඒ දශක ගණනක් පුරා කලාපයට හිසරදයක්ව ඇති ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුමට විරාමයක් ගෙනඒමේ සාම සැලසුම අද සිට ක්‍රියාවට නැංවීමෙන්.

වසර දෙකක කාලයක් හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් අතරින් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ විසිදෙනෙකු පමණක් වන අතර මෙම සාම සැලසුමට අනුව ඔවුන් ඊශ්‍රායලය වෙත අද භාරදීමට නියමිතව තිබේ.

දැනටමත් දහස් සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන් ටෙල් අවීව් හි ප්‍රාණඇපකරු චතුරස්‍රයට රැස්ව ඇත්තේ මෙම ඓතිහාසික අවස්ථාව සියැසින් දැකගැනීමටය.

රතු කුරුස සමාජය එම ප්‍රාණ ඇපකරුවන් පිරිස ඊශ්‍රායල විශේෂ හමුදා කණ්ඩායමකට භාරදෙනු ලබන අතර, පසුව ඔවුන් පිරිස එරට රෙයිම් හමුදා කඳවුර වෙත රැගෙන ඒමටද නියමිතය.

මීට සමගාමීව ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන ජාතිකයින් 2,000ක් පමණ නිදහස ලැබීමට ද නියමිත අතර ඉන් 250ක් පලස්තීන සිරකරුවන් බවත් වාර්තා වේ.

හමාස් සංවිධානය කළ ඉල්ලීම්වලට එකඟවෙමින් හමාස් ප්‍රධානීන් හත් දෙනෙකු ද ඇතුළුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටින පිරිසක් ද නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානම් බවද වාර්තා විය.

මෙම සිද්ධිය සම්බන්ධව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ මෙවන් අදහසක්.

"ඊශ්‍රායල වැසියනි. මෙය ඝාතකයින් නිදහස් කිරීමේ වේදනාව සහ ප්‍රාණඇපකරුවන් ආපසු පැමිණීමේ ප්‍රීතිය මුසුවූ ඓතිහාසික අවස්ථාවක්. මෙය සමහරු කිසිදාක සිදුනොවනු ඇතැයි සිතූ අවස්ථාවක්. නමුත් මෙවැන්නක් සිදුවන බවට අපේ සෙබළු, ජනතාවගෙන් බහුතරය වගේම මමත් විශ්වාස කළා. අපි අතර මතගැටුම් තියෙන බව ඇත්ත. නමුත් අපි අදත්, ඉදිරියටත් ඒවා අත්හැරිය යුතුයි. මොකද අපි විශිෂ්ට ජයග්‍රහණ, ලොව විස්මය කරන ජයග්‍රහණ අත්පත් කරගන්නේ එක්ව කටයුතු කළ විටයි"

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා පැය 4ක් තරම් කෙටි කාලයකට අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලය වෙත අද පැමිණීමට නියමිතයි.

"හැමෝම ඉන්නේ නොඉවසිල්ලෙන්. සුවිශේෂී අවස්ථාවක්. ඊශ්‍රායලයේ මිනිස්සු ලක්ෂ 5ක් විතර අපේක්ෂාවෙන් ඉන්නවා. මුස්ලිම් සහ අරාබි රටවල් සියල්ලම ප්‍රමෝදයට පත්වෙලා. මේ හැමෝම මීට කලින් එකම වෙලාවේ ජයඝෝෂා නගලා නැහැ. සාමාන්‍යයෙන් එක් පිරිසක් ප්‍රීතිවෙනකොට අනෙක් පිරිස දුක්වෙනවා. මෙයට සම්බන්ධවීමට ලැබීමත් සතුටක්" යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබේ.

කෙටි සංචාරය අතරතුර ජනාධිපති ට්‍රම්ප් අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ද හමුවී, ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිත අතර, ඉන්පසු ඔහු වහාම ඊජිප්තුව බලා පිටත්ව යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

ඒ අද එහි ෂාම් අල් ෂෙයික් හි පැවැත්වෙන ගාසා සාම සමුළුවට සහභාගිවීමට යි.

මෙම අවස්ථාවට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලොනි, ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ද සහභාගිවීමටද නියමිතය.

ඊශ්‍රායල අගමැති නෙතෙන්යාහු සහ හමාස් සංවිධානයේ නියෝජිතයෙක් එම අවස්ථාවට එක්නොවනු ඇතැයි වාර්තා වන නමුත්, පලස්තීන අධිකාරිය නියෝජනය කරමින් ජනාධිපති මහමුද් අබ්බාස් ඊට එක්වන බවත් වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...