
මතුගම සිරිකදුර නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.
පොලිසිය සදහන් කළේ එම්.පී.එම්.ජී. උණ්ඩ 50ක්, ටී. 56 උණ්ඩ 6ක්, ශොට්ගන් උණ්ඩ 2ක්, ත්‍රී එයිට් වර්ගයේ උණ්ඩ 6ක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 12ක් මෙහි තිබී සොයා ගෙන ඇති බවය.
අදාළ උණ්ඩ තොගය, එම ස්ථානයේ දමාගිය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව මතුගම පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.


















































