header logo
SLIC
උණුසුම් පුවත්
චීන අපනයන මත අමෙරිකාව පැනවූ 100%ක අතිරේක තීරු බද්ද ශ්‍රී ලංකාවට බලපාන අයුරු
Oct 11, 202503:19 PM
චීන අපනයන මත අමෙරිකාව පැනවූ 100%ක අතිරේක තීරු බද්ද ශ්‍රී ලංකාවට බලපාන අයුරු

නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අමෙරිකාව වෙත සිදුකරන චීන අපනයන මත 100%ක අතිරේක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

එම තීරණය හරහා ශ්‍රී ලංකාවට ධනාත්මක මෙන්ම ඍණාත්මක වශයෙන්ද බලපෑමක් සිදුවිය හැකි බව අද දෙරණ සිදු කළ විමසීමක දී ඇඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම තීරණය හරහා ගෝලීය වෙළදාම් මට්ටමෙන් ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි අතර එසේ සිදු වුවහොත් එය ශ්‍රී ලංකාවට ද සෘජුව බලපෑමක් ඇති කරන බවය.

අමෙරිකාව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළක් බවත් අමෙරිකාව හා චීනය හරහා වෙළෙඳ යුද්ධයක් ඇති වීම හරහා අමෙරිකාවේ වෙළෙඳපොළට කිසියම් සංකෝචනයක් ඇති වුවහොත් එය ශ්‍රී ලංකාවේ අපනයනවලට ප්‍රධාන වශයෙන් බලපෑමක් එල්ල වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එමෙන්ම අපේ අපනයනය සඳහා අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍ය චීනය හරහා ගෙන්වා ගන්නා බවත් මෙම තීරණය තුළින් සිදුවන බලපෑම හරහා චීනයෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එය අපේ නිශ්පාදන ක්ෂේත්‍රයට ද ප්‍රබල ලෙස බලපානු ඇති බව ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම තීරණය හරහා අමෙරිකාවේ ආර්ථිකය කිසියම් දුර්වල මට්ටමකට පත් වුවහොත් අමෙරිකාවේ පොලී අනුපාත වෙනස් වීමත් සමග ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමේදී පොලී අනුපාත අඩුවීමෙන් සහන ලබා ගැනීමේ හැකියාවක් පවතින බවය.

තාක්ෂණික මෙවලම් නිෂ්පාදනයන් සඳහා අත්‍යවශ්‍යවන දුර්ලභ ඛනිජ වර්ග 7ක් සඳහා චීනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවනු ලැබීය.

මෙම ඛනිජ වර්ග 7ට අමතරව චීන වාණිජ අමාත්‍යාංශය විසින් තවත් දුර්ලභ ඛනිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා පනවන බවට නිවේදනය කළේය.

ඒ අනුව හොල්මියම්, එර්බියම්, තුලියම්, යුරෝපියම් සහ යිටර්බියම් යන ඛනිජ වර්ග 5 සඳහා අපනයන සීමා පැනවෙනු ඇති.

මීට අමතරව, චීනය මෙම ඛනිජ ද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා භාවිතා කරන විශේෂිත තාක්ෂණික උපකරණ අපනයනය කිරීම සඳහා ද සීමාවන් පනවා තිබෙන අතර මෙම සීමාවන් බොහොමයක් දෙසැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මකවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනයේ මෙම තීරණයට ප්‍රතිචාරයක් ලෙස, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ට්‍රෘත් සමාජ මාධ්‍යෙය් සටහනක් පළ කරමින් සඳහන් කර ඇත්තේ චීනය නිෂ්පාදනය කරන සෑම නිෂ්පාදනයක් සඳහාම මෙන්ම ඔවුන් නිෂ්පාදනය නොකරන ලද ඒවා මත මහා පරිමාණ අපනයන පාලනයන් පැනවීමට යන බව පවසමින්, චීනය ලෝකයට අතිශයින්ම සතුරු ලිපියක් යවා ඇති බවය.

ඒ අනුව ඔවුන් වෙළඳාම සම්බන්ධයෙන් අසාමාන්‍ය ලෙස ආක්‍රමණශීලී ස්ථාවරයක් ගෙන ඇති බවත් අමෙරිකානු ජනපතිවරයා සඳහන් කළේය.

චීනයේ මෙම තීරණය මත පදනම්ව ඇමරිකා එක්සත් ජනපදය සිදුකරන චීන ආනයන මත 100% ක අතිරේක තීරුබද්දක් පැනවීමට කටයුතු කරන බව ජනපති ට්‍රම්ප් සිය ට්‍රෘත් සමාජ මාධ්‍යෙය් පළ කර ඇත.

ඊට සමගාමීව, නොවැම්බර් 1 වන දින සිට අමෙරිකාව සියලුම තීරණාත්මක මෘදුකාංග සඳහා අපනයන පාලනයන් පනවන්නටද තීරණය කර තිබේ.

චීනයේ මෙම තීරණය තමා කම්පනයට පත් කළ ඉතා නරක තීරණයක් බවත් තවත් සති කිහිපයකදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුවද පැවැත්වීමට දැන් හේතුවක් නොමැති බවත් ජනපති ට්‍රම්ප් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නමුත් ජනපති ට්‍රම්ප් මෙම හමුව අවලංගු කර නොමැති බවත් ඉදිරියෙදී එය පැවැත්වීමට පවා වුවද හැකියාව ඇති බවත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ වුවද බීජිං පරිපාලනය කිසි විටෙකත් මෙම හමුව තහවුරු කර නොමැත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...