header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධ පෙත්සමකට ලැබුණු තීන්දුව
Oct 09, 202504:55 PM
ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධ පෙත්සමකට ලැබුණු තීන්දුව
Mobitel 1278

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.

ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඒ. එච්.එම්.ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලාංකිකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙන්වා දුන්නේය.

තායිලන්තයේ ක්‍රියාත්මක වන "විදේශ වෙළෙඳ ව්‍යාපාර පනත" යටතේ එරට ඇතැම් ව්‍යාපාරික ක්ෂේත්‍රවල විදේශීය පුද්ගලයින් නිරතවීම තහනම් කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

නිදසුනක් ලෙස තායිලන්තයේ ධීවර, නීති වෘත්තිය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු වෘත්තිය වැනි වැනි ක්ෂේත්‍රවලට සම්බන්ධ රැකියාවල විදේශීය පුද්ගලයින් නිරත වීම තහනම් කර ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් තායිලන්තයේ සිටින පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට පැමිණ ධීවර කර්මාන්තයේ නිරත වීමට හැකියාව ලැබුණත් ශ්‍රී ලාංකිකයකුට තායිලන්තයට ගොස් එම කර්මාන්තයේ නිරත වීමට තිබෙන අවකාශය අහිමි වන බවත් සඳහන් කළේය.

මේ තුළින් ශ්‍රී ලාංකිකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන අතර ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ද නීතිඥවරයා මෙහිදී චෝදනා කළේය.

ඊට අමතරව මේ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ කනිෂ්ක විතාරන මහතා මෙම වෙළෙඳ ගිවිසුම තුළින් ඇතැම් භාණ්ඩ හා සේවාවන් සඳහා බදු අඩුකර තිබෙන බව සඳහන් කළේය.

බදු අඩු කිරීම යනු රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ කටයුත්තක් බව පෙන්වා දුන් නීතිඥවරයා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මේ ආකාරයේ බදු සම්බන්ධයෙන් තීන්දු ගැනීමට විධායකයට බලයක් නොමැති බවද පැවසුවේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙම ගිවිසුම හරහා ඇතැම් අපද්‍රව්‍ය මෙරටට ළඟාවීමේ ඉඩකඩක් පවතින බවට අනතුරු අඟවා සිටියේය.

මෙම ගිවිසුමේ පවතින ප්‍රතිපාදන උපයෝගී කරගෙන විදේශීය රටකට වුවද තායිලන්තය හරහා මෙම ගිවිසුමේ ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් තාක්ෂණික, සෞඛ්‍ය, මෙන්ම කාර්මික වැනි අපද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළට පහසුවෙන් රැගෙන ඒමට හැකියාව ලැබෙන බවත් මේ හරහා අවසානයේදී ශ්‍රී ලංකාව කැලිකසල බැහැර කරන ස්ථානයක් බවට පත්වීමේ අනතුරක් පවතින බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ගිවිසුම හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් නීතිඥවරයා පැවසුවේ මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත්, මෙරට ජනතාවට ආර්ථික වශයෙන් දැඩි අවාසියක් සිදුවන අතර එය ජනතාවට අහිතකර ලෙස බලපාන බවය.

මේ හරහා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගිවිසුම පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළාය.

කෙසේ වෙතත් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි තීන්දු තීරණ ගැනීමට නියමිතව තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නාය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...