රුසියාවෙන් යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරවලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
October 9, 2025 02:29 pm
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
ප්‍රහාරවලින් එකම පවුලේ 15 හැවිරිදි දැරියක් ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබේ.
එමෙන්ම ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.