
'අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන' තේමාවෙන් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා දැනුමෙන් සහ වින්දනයෙන් පෝෂණය කරන 'TV දෙරණ' 20 වැනි සංවත්සරය' වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඉස්ලාම් ආගමික වතාවත් දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද (8) පෙරවරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාවට නිඩා පදනමේ කථිකාචාර්ය මවුලවි එම්.එච්.එම්. ඉර්ෂාඩ් (ඉනාමි), අතුරුගිරිය ජුම්මා මස්ජිද් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පූජක එම්.එම්. අස්කර් (මක්කි) සහභාගි වූහ.
දෙරණ මාධ්‍ය ජාලයේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල, වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්වූහ.

















































