නා උයන ආරණ්‍ය සෙනසුනට චීන ප්‍රජාවගෙන් ලක්ෂ 08ක පරිත්‍යාගයක්

නා උයන ආරණ්‍ය සෙනසුනට චීන ප්‍රජාවගෙන් ලක්ෂ 08ක පරිත්‍යාගයක්

October 7, 2025   02:28 pm

මෙරට සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සෙනාසනයට පිරිනමා තිබේ.

පසුගිය දා සිදු වූ අවාසනාවන්ත අනතුරින් භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වීම හේතුවෙන් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මෙම මුල්‍ය පරිත්‍යාගය ලබාදී ඇති බව සඳහන්වේ.

මෙම කණගාටුදායක සිදුවීම මෙරට සිටින චීන මාධ්‍යවේදිනී යෑං ෂියුවාන් මහත්මිය සිය චීන භාෂා අන්තර්ජාල පුවත් වෙබි අඩවියේ වාර්තා කර ඇති අතර එම පුවත දුටු ශ්‍රී ලංකාවේ සහ චීනයේ පදිංචි චීන ප්‍රජාවේ බොහෝ දෙනා එම පුවතින් කම්පාවට පත්ව ඇත.

පසුව ඇයව සම්බන්ධ කරගනිමින් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මුල්‍ය දායකත්වය ලබාදීමට සිය කැමැත්ත පළ කර ඇත.

ඒ අනුව මෙම පුණ්‍යකර්මය සාර්ථකව සිදු කිරීම සඳහා, මෙරට ක්‍රියාත්මක C AM G 5ri Lanka නම් චීන මාධ්‍ය ආයතනය සහ කොළඹ පිහිටි වන සංස්කෘතික මධ්‍යස්ථානය එක් වී චීන ප්‍රජාවෙන් අරමුදල් එකතු කර තිබේ.

ඒ අනුව එකතු වූ රු. 800,000ක මුදල පසුගිය 5වනදා නා උයන ආරණ්‍ය සෙනසනයේ නායක මහා නාහිමියන් වෙත පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ වැඩ වෙසෙන මනා සංඝ රත්නයට චීන ප්‍රජාව දැක්වූ ගෞරවය සහ කරුණාව මෙයින් තහවුරු වන බව මහ නායකහිමියන් මෙහිදී අනුශාසනා කර ඇත.

මෙම උදාර කර්තව්‍ය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා ගැඹුරු සබඳතා, ආගමික, සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවට යෑං සියුවාත් මහත්මියට අමතරව වුවැන්නන් ලො, ලින් දොං සහ ෂෙන්ජි යන මහත්වරු සහභාගී විය.