බ්‍රසීල සහ අමෙරිකානු ජනපතිවරු අතර දුරකථන සංවාදයක්
October 7, 2025 07:42 am
බ්‍රසීල ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදය සිදුව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේය, දෙරටේ නායකයින් අතර ඉතා මිත්‍රශීලීව මිනිත්තු 30ක පමණ කාලයක් දුරකථන සංවාදය සිදුව ඇති බවය.
මෙහිදී තම රටේ නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු සහ නිලධාරීන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්වේ.
අමෙරිකානු ජනාධිපතිවරයා මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද තබා තිබේ.
ඉදිරියේ දි දෙරටේ නායකයික් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට ද මෙම දුරකථන සංවාදයේදි එකඟතාව පළවී ඇති බව වාර්තා වේ.