header logo
Vallibel FD
උණුසුම් පුවත්
දෙරණට අවුරුදු 20ක්
Oct 05, 202507:59 PM
දෙරණට අවුරුදු 20ක්
Mobitel 1278

මෙරට රූපවාහිනී මාධ්‍යයට නවමු සංකල්ප අවැසිව සිටි යුගයක අපේ උරුමය රැගත් නවමු රූපවාහිනි නාලිකාවක් ලෙස දෙරණ සම්ප්‍රාප්තිය සිදු වූයේ 2005 වර්ෂයේ ඔක්තෝබර් 11 වැනිදායි.

ඒ 'අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන' යන්න තේමාව කරගනිමිනි.

දෙරණ අද වන විට ප්‍රේකෂක විශ්වාසයේ කිරුළ දරමින් ටෙලිනාට්‍ය, විනෝදාත්මක වැඩසටහන්, ප්‍රවෘත්ති, කාලීන හා දේශපාලන වැඩසටහන් මෙන්ම මෙරට රියැලිටි ටෙලිවිෂන් කලාවද අතික්‍රමණය කර අවසන් ය.

TV දෙරණ ආරම්භ කර ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ කුසලතා ජාතික මට්ටමට ගෙනඒම සඳහා ' දෙරණ ලිට්ල් ස්ටාර්' හඳුන්වා දුන්නේය.

ඒ එතෙක් මෙතෙක් මෙරට ටෙලිවිෂන් ඉතිහාසයේ අන්තර්ජාතික ප්‍රමිතියේ ප්‍රථම සහ එකම රියැලිටි තරගාවලිට බවට පත්කරමිනි.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට රූ රැජින තරගයක් සජීවීව විකාශය කරමින් 2006 වසරේදී Miss srilanka for miss univers තරගාවලිය ගෙන ආ ටී.වී. දෙරණ ඉන් නොනැවතී 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' ,Derana city of dance', Derana 60 plus', Derana film awards, Ada derana srilankan of the year , දෙරණ ඇය ප්‍රණාම ඇතුළු වැඩසටහන් මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රැසක්ම ගෙන ආවේය.

ප්‍රාසංගික ටෙලිවිෂන් කලාවේ ප්‍රමුඛයා ලෙසින් අතිශය ජනාදරයට පත් ටී.වී.දෙරණ, සිඳු, අත්තම්මා, දෙවැනි ඉනිම, සංගීතේ, ඉස්කෝලේ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ මෙරට ටෙලිනාට්‍ය කලාවේ නව පෙරළියක් ඇති කළේ මෙරට මුල්බැස ගත් විදේශීය ටෙලිනාට්‍ය කලාවට එහා ගිය රසාස්වාදයක් මෙරට ප්‍රේක්ෂකයාට තිළිණ කරමිනි.

ප්‍රේක්ෂක ඔබ පිනවීම සඳහා එළෙස වින්දනාත්මක වැඩසටහන් රැසක් ගෙන එන අතරේ දශක 2ක් පුරා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදෙසා කැපවූ අද දෙරණ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ප්‍රමුඛයා ලෙස ජනතාවගේ ඉහළම විශ්වාසය දිනූ ප්‍රවෘත්ති සන්නාමය බවට පත්වී තිබේ.

ඒ අනුව 'අද දෙරණ' දකුණු ආසියාවේ විශාලතම හා නවීනතම තාක්ෂණයෙන් යුත් ප්‍රවෘත්ති මැදිරියේ සිට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ මෙරට රූපවාහිනි කලාවේ පෙරමං ලකුණු කරමිනි.

මෙරට ප්‍රෙක්ෂකයින්ට ජාත්‍යන්තර ටෙලිවිෂන් අත්දැකීමක් ගෙන එමින් ඉන්ෆෝ ග්‍රැෆික්ස්, AUGMENTED REALITY සමඟින් ආකර්ශනීයව තොරතුරු ගෙන ආ අද දෙරණ ජනාධිපතිවරණ හා මහ මැතිවරණ විකාශයන් මෙරට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ වැඩසටහන් බවටද පත් විය.

දෙරණ, තම මාධ්‍ය මෙහෙවර ඉදිරියට ගෙනයමින් මනුසත් දෙරණ හා ලිට්ල් හාට්ස් වැනි විශේෂ සමාජ සේවා ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූයේ රටට අවැසිම තැනදි සිය යුතුකම නොපිරිහෙලා ඉටු කරමිනි.

වකුගඩු රෝගීන් හඳුනාගැනීම වෙනුවෙන් ඇරඹි මනුසත් දෙරණ, මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට මූලිකත්වය ගැනිම, හදවත් රෝගී පුංචි දරුවන් වෙනුවෙන් ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, රුධිරජනක සෛල පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහන, පැළ මිලියන 10ක් සිටුවීම, ලස්සන දෙරණ ආදි විශේෂ ව්‍යාපෘති හරහාද සුවිශේෂී මෙහෙයක් සිදු කරයි.

ඒ අනුව මනුසත් දෙරණ ජාතික ආපදා අවස්ථාවන්හීදී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූවා සේම මතු දෙරණ ව්‍යාපෘතියද ක්‍රියාවට නංවා ඇත්තේ ජාතික තලයේ දක්ෂතා සපිරි ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසක් හඳුනාගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සවියක් වීම සඳහාය.

එපමණක් නොව, මාධ්‍ය නාලිකාවක් විසින් පළමුවරට පැය 24ක් පුරා පැවැත්වූ ශ්‍රී ලංකාවේ ලොකුව දන්සල 2024 මෙන්ම මේ වසරේදීත් වෙසක් පොහෝ දිනයේදී ජනතාව වෙනුවෙන් පැවැත්වීමට ටී.වී.දෙරණට හැකි විය.

ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියක අත්දැකීමද මෙරට ජනතාවට හිමිකර දුන් ටී.වී. දෙරණ කොළඹ ගාලුමුවදොර අහස සරුංගල් සැණකෙළියකින් වර්ණවත් කළා සේම දරුවන්ට හොඳම දේ ලබාදෙමින් මෙවර ලෝක ළමා දිනයේදී මෙරට ආකර්ශනීය සහ ඓතිහාසික ස්ථාන ගුවනින් නැරඹීමට දරුවන්ට අවස්ථාවක් ලබා දුන්නේය.

එළෙස ජනතාවගේ නාලිකාවක් බවට පත්වූ TV දෙරණ YOUTUBE පරිශිකලින් මිලියන 06 පසුකළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම රූපවාහිනි නාලිකාව බවට පත්වෙමින් තවත් එක් කඉඩමක් පසුකර ගියේ සමාජ මාධ්‍ය අවකාශයේද ප්‍රමුඛයා බවට පත්වෙමිනි.

විශිෂ්ටත්වයේ සහ විශ්වසනීයත්වයේ විසිවැනි වසරට පා තබන, විචිත්‍ර වින්දනීය ටෙලිවිෂන් චාරිකාවක සුවිශේෂි මං සලකුණු අතර අංක එකේ නාලිකාව සහ ජනතාවගේ විශ්වසනීයම නාලිකව ලෙස ටී.වී.දෙරණත් අද දෙරණත් මේ වනවිට ජනතා සම්මානයට පාත්‍ර වී අවසන් ය.

ඒ අනුව අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ප්‍රේක්ෂකයින් අතරට යමින් ඔවුන්ගේ දැනුම ආකල්ප හා රසවින්දනය වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටුකළ ටීවී දෙරණ ස්ලිම් ජනතා සම්මාන උලෙළේදී අඛණ්ඩව හත්වන වරටත් ජනතාවගේ රූපවාහීනි නාලිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

එසේම පස් වතාවක් ස්ලිම් සම්මාන උළලේදී අඛණ්ඩව පස් වරක් ජනතාවගේ ප්‍රවෘත්ති සපයන්නා ලෙස සම්මානයට පාත්‍ර වූයේ අද දෙරණය.

මෙලෙස ප්‍රේක්ෂක ඔබේ ආදරය හා විශ්වාසය දිනාගනිමින් 2025 වසරට විසි වසක් සපුරන 'විසි වසරක ප්‍රාසංගිකත්ව ප්‍රමුඛයා දෙරණ' තවත් සියවසකටත් එහා ඔබව රසවින්දනයෙන් අබිසෙස් ගන්වන්නට සූදානම්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana