header logo
Vallibel FD
උණුසුම් පුවත්
කාන්තාවකගේ රත්‍රංවලට විද්ද අමුතු උඟුලක්
Oct 05, 202506:50 PM
කාන්තාවකගේ රත්‍රංවලට විද්ද අමුතු උඟුලක්
Mobitel 1278

ආණමඩුව ප්‍රදේශයේ කාන්තාවක් රවටා නිධානයක් ලබාගැනීම සඳහා තැම්පත් කිරීමට යැයි පවසමින් ඇයගේ රුපියල් ලක්ෂ 22කට ආසන්න රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එකම පවුලේ මව, පියා හා දියණිය පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය ඌරාපොත්ත ප්‍රදේශයෙ පදිංචි 67 හැවිරිදි සැමියා, 48 හැවිරිදි බිරිද හා ඔවුන්ගේ දියණිය යැයි කියන 22 හැවිරිදි තරුණියක්ය.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව වසර 10කට ආසන්න කාලයක් ඩුබායි රාජ්‍යයේ සේවය කර ඇති අතර ඇය දෙදරු මවක් වේ.

ඇයගේ පල්ලම, කම්මන්දළුව ප්‍රදේශයේ පිහිටි තවත් ඉඩමක කුලී පදනමට රැදී සිටි එකම පවුලේ සැමියා, බිරිද හා දියණිය එක්ව මෙම සොරකම සිදු කර ඇත.

එම සැකකරුවන් තමන්ගේ කම්මන්දළුව නිවසේ රැදී සිටින අතරතුර එම නිවසට ආරක්ෂාවක් කිරීම සඳහා යැයි පවසමින් අවස්ථා කිපයකදී මෙම කාන්තාවගෙන් ලක්ෂ 5කට ආසන්න මුදලක් ලබාගෙන තිබේ.

එම ආරක්ෂාව මෙම සොරකම කළ සැකකාර පවුලේ කාන්තාව විසින් සිදු කළ බවත්, ඒ පිළිබඳව ඇති වූ විශ්වාසය මත ඔවුන් ගැන සැකයක් නොතිබූ බව ඇය පොලීසියට පවසා තිබේ.

එලෙස විශ්වාසය දිනාගෙන ඇති සැකකාර පවුල, වංචාවට හසු වූ කාන්තාව පදිංචිව සිටි ආඩිගම වැටියගල්වල නිවසට පැමිණ එම ඉඩමේ නිධානයක් ඇති බවත්, එය ගොඩගැනීමට හැකි බවත් පවසා ඇත.

කෙසේ වෙතත් මුලදී එම යෝජනාවට කාන්තාව අකමැත්ත පලකර ඇති නමුත්, සැකකරුවන් දැඩි පරිශ්‍රමයක් දරා ඇයව නිධානය ලබා ගැනීමට කැමති කරවා ගෙන තිබේ.

එහිදී නිධානය ලබාගැනීමට පෙර මෙම කාන්තාවගේ රන් ආභරණ සියල්ල වළදැමිය යුතු බවත්, එය ඇය ඉදිරියේ සිදුකරන බවත් සැකකාර පවුලේ මව දැනුම් දී ඇත.

තම නිවසේ කුලි පදනමට සිටින නිසා මොවුන් පිළිබදව සැක නොසිතා අදාළ කාන්තාව ඩුබායි රැකියාව අතරතුරදී මිලදී ගත් පවුම් 9කට ආසන්න රන් මාලයක්, පෙන්ඩන් 2ක් හා රන් වළලු 2ක් සුදු රෙදි කැබැල්ලක ඔතා වළ දැමීමට ලබාදී තිබේ.

එසේ ලබා දුන් රන් ආභරණ මෙම කාන්තාව ඉදිරියෙදීම මෙම සැකකරුවන් වළදමා ඇත.

රන් ආභරණ වළ දැමීමෙන් පසු යාතිකා කරමින් සිටියදී සැකකාර කාන්තාව, නිවෙස් හිමි කාන්තාවට නිවසට ගොස් පිරිසිදු ජලයට කහ දියර සකස් කර රැගෙන එන ලෙස දන්වා පිටත් කර යවා තිබේ.

පසුව නිවෙස් හිමි කාන්තාව එය පිළියෙළ කර රැගෙන ඒමෙන් පසු එම ස්ථානය පුරා ඉසිමින් වතාවත් සිදු කර ඇත.

එහිදී මෙම ස්ථානයේ බහිරයකු සිටින බවත්, බහිරවයා යවන තුරු වළදැමු රන් ආභරණ ලබාගැනීම නොකරන ලෙසත් පවසමින් ඔවුන් ඉන් පිටව ගොස් තිබේ.

කෙසේ නමුත් මෙම වළ දැමූ රන් ආභරණ ගොඩගැනීමට නිවෙස් හිමි කාන්තාව, මෙම සැකකාර කාන්තාවට අවස්ථා කිහිපයකදීම දුරකථන ඇමතුම් ලබා දුන්න ද ඔවුන් සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇත.

ඒ අනුව ඇති වූ සැකය මත ඊයේ එම ස්ථානය හාරා රන් ආභරණ ගොඩගැනීමට කටයුතු කළ නිවෙස් හිමි කාන්තාවට හමුවී ඇත්තේ තමන් ලබා දුන් රන් ආභරණ නොව, වෙනත් සුර හා තවත් කිහිපයක්ය.

එයින් පසු සිද්ධියට මුහුණ දුන් කාන්තාව පල්ලම පොලිසියට පැමිණලි කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකාර පවුලේ තිදෙනා පල්ලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට