භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී

October 2, 2025   01:34 pm

රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිත සියලු දුම්රියන් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බව දැනුම් දී ඇත.