ජාතික රෝහලේ රසායනාගාර කිහිපයක් අක්‍රීයයි - වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

ජාතික රෝහලේ රසායනාගාර කිහිපයක් අක්‍රීයයි - වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

September 30, 2025   10:27 pm

රජයේ රෝහල් මගින් සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයට පැවරීමේ න්‍යාය පත්‍රයක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය චෝදනා කරයි. 

කොළඹදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි නියෝජිතයින් පැවසුවේ, කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ විශාල ප්‍රමාණයක් මේ වනවිට ඇනහිට ඇති බවය.

ඒ් සම්බන්ධයෙන් අදහස් දැක්නූ සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත ගුණවර්ධන මහතා,

"2024 සැප්තැම්බර් දක්වා කළ ප්‍රතිකාරක ඇනවුම් නිලධාරීන් දැන් කරන්නේ නැහැ. ජාතික රෝහලේ පූර්ණ අක්මා පරීක්ෂණ යම් ප්‍රමාණයකට නැවතිලා. හෘද රෝගීන්ගේ 'Troponin I' පරීක්ෂාව නොකෙරන තැනට පත්වෙලා. 'Troponin I' ජාතික රෝහලේ රු.2000 - පිටත රු.7400ට කරවලා."