header logo
SLIC
උණුසුම් පුවත්
තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ කජ්ජා සිට ඇතැයි අනාවරණයක්
Sep 30, 202506:28 PM
තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ කජ්ජා සිට ඇතැයි අනාවරණයක්

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා අද අනාවරණ කළේය.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.

කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරින් දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ සිරුර හමුව තිබුණේ 2012 වසරේ මැයි 17 වෙනිදාය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මුල් අවස්ථාවේ විමර්ශන තුළින් එම මරණය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බවට පොලිසිය පැවසුවද එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඥාතීන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු 2015 වසරේදී තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹි අතර 2015 ජුලි 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන්නේ තජුඩීන්ගේ මරණය මිනී මැරුමක් යැයි කරුණු අනාවරණය වී ඇති බවය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනුණත් පසුව ඇප මත මුදාහැරුණි.

කෙසේ වෙතත් අනුර සේනානායක සහ ආනන්ද සමරසේකර යන සැකකරුවන් නීති කෘත්‍යය ක්‍රියාත්මකවන අතරවාරයේ මියගියේය.

මෙවන් වාතාවරණයක වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් තජුඩීන් සිද්ධියේ විමර්ශන ගැන කරුණු අනාවරණයක් කළේය.

කජ්ජාගේ බිරිඳට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වන ලද තාජුඩීන් හැව්ලොක් සිටි සංකීර්ණය අසළ වෙළෙඳසැලකින් වතුර බෝතලයක් මිලට ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන නරඹා ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තාජුඩීන් පිටුපස සිට ඇති පුද්ගලයා තම ස්වාමියා බවය.

ඇය එලෙස එම පුද්ගලයා නිසැකවම තම සැමියා වන කජ්ජා බවට හඳුනාගෙන ඇත්තේ ඔහුට දීර්ඝ කාලයක පටන් තිබූ කොන්දේ අමාරුවක් හේතුවෙන් සහ ඔහුගේ ඉරියව් හේතුවෙන් බවය.

වතුර බෝතලය මිලට ගැනීමෙන් අනතුරුව තාජුඩීන් පිටුපසින් පැමිණි සැකකටයතු වාහනයකට කජ්ජා අත දමා ගොඩ වී ඇති බවත් ඉන් විනාඩි 20කට පසු තාජුඩීන් ඝාතනය සිදුවූ බවත් බිරිඳ ප්‍රකාශ ලබාදෙමින් පවසා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...