header logo
SLIC
සයුරෙන් එතෙර
විජේගේ රැලියේදී මියගිය අය අතර අවුරුදු 2ක පුංචි පුතෙකුත්
Sep 28, 202505:06 PM
විජේගේ රැලියේදී මියගිය අය අතර අවුරුදු 2ක පුංචි පුතෙකුත්

ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියේ දී ඇතිවූ තෙරපීමෙන් මිය ගිය අය අතර අවුරුදු 2ක් වයසැති කුඩා දරුවෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මිය ගිය දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මෙවැනි ජනාකීර්ණ උත්සවවලට කිසි විටෙකත් තම දරුවන් රැගෙන නොයන ලෙසය.

එමෙන්ම දරුවා හැඬීමට පටන් ගත් නිසා රැගෙන ආ බවත් රැස්වීමට විජේ පැමිණි අවස්ථාවේ විදුලිය විසන්ධි කිරීම නිසා ඔහු කියන දේවල් පැහැදිලිව නොඇසීම හේතුවෙන් සියලු දෙනා බසය ළඟට යාමට උත්සහා කළ බවත් මිය ගිය දරුවාගේ ඥාතියෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දරුවාගේ මරණයට විජේට දොස් පැවරිය යුතු නැති බවත් දරුවා එවැනි තැනකට රැගෙන යාම ඔවුන්ගේ වරදක් වන බවය.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් මේ වන විට 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම පිරිස අතර ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු ඇතුළත් වේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තමිල්නාඩු රජයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.

මේ අතර තමිල්නාඩු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ විජේගේ පක්ෂය විසින් පළමුව කරුර් ප්‍රදීපාගාර රවුන්ඩ්ටානා හී රැලිය පැවැත්වීමට අවසර ඉල්ලා සිටි බවය.

කෙසේ වෙතත් පසුගිය රැලි දෙකේදි විශාල ජනකායකත් පැමිණි බව සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ රැලිය පැවැත්වීමට අවසර ලබා නොදුන් බවද ඔහු පවසා තිබේ.

රැලිය පෙරවරු 10.00 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා තිබූ බවත් දහවල් 12.30 වන විට විජේ පැමිණෙන බවත් නිවේදනය කර ඇති අතර පෙරවරු 11.00 සිට සෙනග එක්රැස්වීමට පටන් ගෙන තිබුණු නමුත් ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සවස 7.40ට ආසන්න වී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

එමෙන්ම මේ වන විට විජේගේ රැලිය සංවිධානය කිරීම සඳහා වගකිව යුතු පක්ෂ සාමාජිකයෙකු වූ කරුර් හී දිස්ත්‍රික් ලේකම්වරයෙකුට පොලීසිය විසින් නඩු පැවරීමටද කටයුතු කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...