
පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (28) දිනයේ දී පුද්ගලයින් 664ක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර සිටියේ, මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 28,778 දෙනෙකු පරීක්ෂාවට ලක්කළ බවය.
එහිදී වරෙන්තුකරුවන් 254ක්, විවෘත වරෙන්තුකරුවන් 163ක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව ඇත.
මේ අතර මෙම මෙහෙයුම යටතේම බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 56 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
















































