header logo
SLIC
උණුසුම් පුවත්
මේක දරුවන්ට දඬුවම් දීම පිළිබඳ සංශෝධනයක් - අගමැති හරිනි
Sep 28, 202503:25 PM
මේක දරුවන්ට දඬුවම් දීම පිළිබඳ සංශෝධනයක් - අගමැති හරිනි
Mobitel 1278

දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ මෙය පාසල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන බවත් මෙය දරුවන්ට දෙන ශාරීරික සහ මානසික දඬුවම් පිළිබඳ ප්‍රශ්නයක් බවත්ය.

"එය පාසලේ විතරක් නෙවෙයි, ඔබ දන්නවා පොලීසිය විසින් පරිවාසය භාරයට ගත්ත දරුවන්ට, ආයතනගත දරුවන්ට, අතරමං වෙච්ච දරුවන්ට වගේ ම සමාජයේ ඉන්න සියලු ම දරුවන්ට එල්ල වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒක ශාරීරික වත්, මානසික වත් සිදු වෙනවා.

සමාජයේ වැඩිහිටියන්ගෙන් නැත්නම් වගකිව යුතු අයගෙන් ඒ දරුවන්ට සිද්ධ වෙලා තියෙන හිංසනය පිළිබඳ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා. මේක පාසල් ඉලක්ක කරගෙන නැත්නම් ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වෙච්ච නීතියක් නෙවෙයි. මේක සමස්තයක් හැටියට දරුවන්ට දඬුවම් දීම පිළිබඳ සංශෝධනයක්. ශාරීරික දඬුවම් පිළිබඳ වත් මානසික හිංසනය පිළිබඳ වත් විශේෂයෙන් ම ආයතනගත වෙච්ච දරුවන්, පොලිසිය භාරයේ ඉන්න දරුවන්, පරිවාස භාරයේ ඉන්න දරුවන් යන මේ සියලුදෙනා ඉලක්ක කරගෙන කෙරෙන සංශෝධනයක්, මේක.

මේකේ මීට වඩා පුළුල් අර්ථයක් තියෙනවා නමුත් දැන් ඇති වෙලා තියෙන සංවාදය තමයි අපිට දරුවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා දරුවන්ට දඬුවම් කරන්න ම බැරි වෙනවා, කිසි ම දඬුවමක් කරන්න බැරි වෙනවා කියන කාරණය. අපි දඬුවම් දෙන එක කොතනින් වත් නතර කරලා නැහැ. විනය පවත්වාගෙන යෑම අපි තහනම් කරලා නැහැ. හැබැයි අපි සමාජයක් හැටියට හිතනවා නම් දඬුවම් දිය හැක්කේ දරුවන්ට ශාරීරික ව වද හිංසා දීම තුළින් පමණයි, එහෙම නැත්නම් ඔවුන්ව මානසික ව වට්ටලා විතරයි කියලා. අන්න එහෙනම් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විනය පවත්වාගෙන යෑමට වද හිංසා දීම අත්‍යවශ්‍යයි කියලා හිතන සමාජයක් තුළ නම් අපි ජීවත් වෙන්නේ, අපිට කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා, මම හිතන්නෙ.

ඒ නිසා තමයි අපි මේ විවාදය තව දික් කරලා තියෙන්නෙ. මේක සංවාදයට ගත යුතු කාරණාවක්. අපි කියන්නේ දඬුවම් දෙන්න, විනය පවත්වාගෙන යන්න ධනාත්මක දේවලුත් තියෙනවා, කරන්න කියලයි. දරුවෙක්ව ලැජ්ජාවට පත් කරන්නෙ නැතුව වද හිංසා නොකර පීඩනයට ලක් නොකර දඬුවම් දිය හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. ඒවා ගැන අපි වැඩමුළු තියලා සාකච්ඡා කරමු. මීට වඩා අපේ සමාජය තුළ අපිට හිතන්න ඕන කාරණාවක් තියෙනවා.

අපේ සමාජය තුළ ඔබ අද පොලිස් වාර්තා අරගෙන බලන්න. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා බලන්න, අපේ රටේ ආර්ථික අර්බුදයක් පමණක් නෙවෙයි. සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙන බව දකින්න පුළුවන්. ඒ අර්බුද තුළ ගැටුම් කියන්නෙ ප්‍රධාන ම අර්බුදයක්. ඕනෑ ම සමාජයක ගැටුම් තියෙන නමුත් අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. එක්කයි, ගැටලුව.

ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. අපේ පරම්පරාවේ අය නවක වදය ගැන හිතන කොට තව මත් ඉතා ම ප්‍රේමණීය විදිහටනේ හිතන්නේ. ඒ අපේ වයසෙ අය ලබපු අත්දැකීම් එක්ක. ඒත් අද නවකවදය ළමයින්ට දරාගන්න බැරි තත්වයකට පත් වෙලා.

අපේ සමාජයේ ගැටුම් අපි නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. ඔබේ දරුවන්ගෙන් කතා කරලා අහන්න නේවාසිකාගාරවල වෙන සිද්ධීන් ගැන. ප්‍රචණ්ඩත්වය එතන තියෙන්නේ. ආයතන තුළ තරුණ තරුණියන් අතරේ, පන්සල් පල්ලි කෝවිල්වලත් මේ තත්වයන් නිර්මාණය වෙමින් යනවා. එක අතිශයින් ම භයානකයි. එතකොට අපි ගැටුම් නිරාකරණය කිරීම ප්‍රචණ්ඩත්වය තුළින් කළ හැකියි කියලා පිළිගන්න සමාජයක් බවට පත් වෙලා ද? එහෙමනම් ඒක ඉතා බරපතළයි. ඒක ශිෂ්ට සම්පන්න නෑ".

මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ, මීට වඩා දියුණු තැනකට සමාජය ගෙනයාම අත්‍යවශ්‍ය බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා