header logo
Vallibel FD
උණුසුම් පුවත්
ජනපති එක්ස්පෝ 2025 ඔසාකා” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයට එක්වෙයි
Sep 27, 202508:00 PM
ජනපති එක්ස්පෝ 2025 ඔසාකා” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයට එක්වෙයි
Mobitel 1278

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපතිවරයා ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහාද සහභාගි වූහ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උත්සවය, ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිබු කරන විවිධ සංස්කෘතිකාංගවලින් විචිත්‍රවත් වූ අතර, මෙම සංස්කෘතික උත්සවය නැරඹීම සඳහා ජපන් ජාතිකයින් මෙන්ම විදේශිකයෝ විශාල පිරිසක් රැස්ව සිටියහ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ගෝලීය පරිවර්තනයන් සිදු වන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව පසු වන්නේ සිය ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බවත්, අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවත්ය.

මෙම සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට සහතික වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවට තම සංස්කෘතිය, නවෝත්පාදන සහ මානව වටිනාකම් මත පදනම් වූ දීප්තිමත් අනාගතයක් සඳහා වන දැක්ම බෙදා ගැනීමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයද මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වන ජපානය දුෂ්කර කාලවලදී සහාය වෙනවා සේම සාර්ථක කාලවලදී එම සතුට සැමරීමටද එක් වන ශක්තිමත් හවුල්කරුවෙක් බවද සදහන් කළේය.

එක්ස්පෝ 2025 ඔසාකා” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ප්‍රදර්ශන මණ්ඩප නැරඹීමටද ජනාධිපතිවරයා මෙහිදී එක් විය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

මිත්‍රත්වය යනු මනුෂ්‍යත්වයේ වටිනාම බැඳීම්වලින් එකක්. එය පුද්ගලයන්, ප්‍රජාව සහ සංස්කෘති එකට යා කරනවා. සීමා අතික්‍රමණය කරනවා. මානව සබඳතා වර්ධනය කරනවා. ඒ වගේම වඩා හොඳ ලෝකයක් ගොඩනැඟීම වෙනුවෙන් පොදු අරමුණු හරහා ජාතීන් එක් තැනකට ගෙන එනවා.

“2025 එක්ස්පෝ” ප්‍රදර්ශනය මෙම පරමාදර්ශය පෙන්නුම් කරන අවස්ථාවක්. මිත්‍රත්වය සහ පොදු අරමුණු සමරන මේ අවස්ථාවේ ජපානය සහ අනෙකුත් ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වී තිබෙනවා. ඓතිහාසික ඔසාකා නගරයේ පැවැත්වෙන එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා දිනය සැමරීමට ඔබ සමඟ එක්වීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා.

“එක්ස්පෝ 2025” ජාතීන් 150කට අධික සංඛ්‍යාවකට අන්‍යෝන්‍ය මිත්‍රත්වය, සහජීවනය, සංස්කෘතික විවිධත්වය සහ සෑම සමාජයකම පවතින මානව වටිනාකම් ප්‍රදර්ශනය කිරිමට අවස්ථාව සපයන ගෝලීය වේදිකාවක්. මෙහිදී අප ශ්‍රී ලංකා උරුමයේ පොහොසත්කම පමණක් නොව, තිරසාර ශක්තිමත් මෙන්ම අනාගතයට සූදානම් ජාතියක් ලෙස අපගේ පැහැදිලි දැක්ම ලෝකයට ඉදිරිපත් කරනවා.

එක්ස්පෝ වැනි ජාත්‍යන්තර වේදිකාවලදී අප සතු ශක්තින් සහ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් ගෝලීය ප්‍රජාව තුළ වගවිය යුතු සහ ඉදිරි දැක්මක් ඇති හවුල්කරුවෙකු ලෙස අපගේ භූමිකාව නැවත තහවුරු කරනවා. ශ්‍රී ලංකාව එක්ස්පෝ 2025 සහභාගිත්වය තුළින් නවීන මෙන්ම නිෂ්පාදන පාදක ආර්ථිකයක් කරා ගමන් කරමින් තීරණාත්මක ආර්ථික පරිවර්තනයක් සඳහා අප දක්වන කැපවීම ලෝකයේ අනෙක් රටවලට පෙන්වීමටද මහඟු අවස්ථාවක් වෙනවා. මෙහිදී තොරතුරු තාක්ෂණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ අපිට බහුලව පවතින සමුද්‍ර සම්පත් තිරසරව භාවිතා කිරිම ඇතුළු ඉහළ විභවයන් තිබෙන අංශ පෝෂණය කිරිම සම්බන්ධයෙන් අප සතුව ඇති පැහැදිලි ප්‍රතිපත්තිය මනාව පිළිඹිබු වෙනවා.

“එක්ස්පෝ 2025” තේමාව වන්නේ අප සඳහා අනාගත සමාජයක් නිර්මාණය කිරීමයි. එහි දැක්ම වන්නේ අනාගත පරම්පරාවට, විශේෂයෙන් අපේ දූ දරුවන්ට වඩා හොඳ ජිවිතයක් නිර්මාණය කිරීමයි. ගෝලීය පරිවර්තනයන් සිදුවන මේ යුගයේදී ශ්‍රී ලංකාව සිටින්නේ අපේ ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතකයි. අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් අපි දැන් තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටිනවා. මෙහිදී සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවටත් අප සහතික වෙනවා.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවට තම සංස්කෘතිය, නවෝත්පාදන සහ මානව වටිනාකම් මත පදනම් වූ දීප්තිමත් අනාගතයක් සඳහා වන දැක්ම බෙදා ගැනිමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සියවස් ගණනාවක් පැරණියි. මෑත කාලයේ එය පෙරටත් වඩා ශක්තිමත් වී තිබෙනවා. අපගේ සමීප මිතුරෙකු ලෙස ජපානය දුෂ්කර කාලවලදී සහාය වෙනවා වගේම සාර්ථක කාලවලදී අප සමඟ එම සතුට සැමරීමටද එක් වන හවුල්කරුවෙක්. බොහෝ ශ්‍රී ලාංකිකයින් දැන් ජපානයේ ජීවත් වෙනවා. මේ හරහා විශ්වාසය සහ අවබෝධය මත පදනම් වූ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අද අපි මුහුණ දී ඇති අභියෝග මධ්‍යයේ වුවත්, එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා මණ්ඩපය අපේ ජාතිය සතු නොසැලෙනභාවය, සංස්කෘතික අභිමානය සහ අනාගතය පිළිබඳ විශ්වාසය පෙන්නුම් කරනවා.

අද දින එක්ස්පෝ 2025 නැරඹීමට මට අවස්ථාව ලැබුණා. මෙම ප්‍රදර්ශනය උත්කර්ෂවත් ලෙස සාර්ථක කර ගැනීමට එහි සංවිධායක මණ්ඩලයට මම උණුසුම් සුබ පැතුම් එක් කරනවා. ශ්‍රී ලංකා මණ්ඩපය සහ ශ්‍රී ලංකා දින සැමරුම සාර්ථක කර ගැනීම සඳහා ජපාන රජය මෙන්ම එක්ස්පෝ 2025 සංගමය ලබා දුන් අමිල සහයෝගය වෙනුවෙන් මම මගේ කෘතඥතාව පළ කරනවා.

ශ්‍රී ලංකාවේ පුරාණ සංස්කෘතික උරුමය, ස්වභාවික සුන්දරත්වය, ආකර්ෂණීය සංචාරක ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ තේ, මැණික් සහ කුළුබඩු වැනි ප්‍රසිද්ධ නිෂ්පාදන ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙහිදී භෞතික ප්‍රගතියට සීමා නොවී මානව වටිනාකම් මත පදනම් වූ සමෘද්ධිමත් ලෝකයක් සහ සුන්දර අනාගතයක් ගොඩනැඟීමට අප සතු කැපවීම නැවතත් තහවුරු කරනවා.

සෑම සිහිනයක්ම සැබෑ කරගත හැකි, සියලු දෙනාටම බැබළෙන්නට හැකි සහ ජාතියකට ශ්‍රේෂ්ටත්වය අත්කරගත හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා. "

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා, ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්