පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 දෙනා අධිකරණය හමුවට

පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 දෙනා අධිකරණය හමුවට

September 25, 2025   09:37 pm

පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අද (25) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම පිරිස පසුගිය 07 වනද නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ගේ භාරයට ගෙන බැඳුම්කරයක්මත මුදාහැර සිටි අය බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ හේතුවෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය විසින් ඔවුන්ට ඇප ලබා දී තිබුණි.

එමෙන්ම සැකකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා නඩුව ඔක්තෝබර් 16වනදා දක්වා කල් තැබීමට ඇය නියෝග කළාය.

මෙම සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 07 වනදා පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් යන ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු බැඳ ගිනි මැළ දලවා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්විය.

ඔවුන් අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩවල පසුවන ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචිකරුවන්ය වන අතර ඒ අතර තරුණියන් දෙදෙනෙකුද සිටි බව අප වාර්තාකරු පැවසීය.

සැකකරුවන් ෆේස්බුක් හරහා දැන හඳුනාගෙන ඇති බව සඳහන්ය.