header logo
SLIC
උණුසුම් පුවත්
සෙල්ෆියක් නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් හොංකොංහිදී අත්අඩංගුවට
Sep 25, 202505:17 PM
සෙල්ෆියක් නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් හොංකොංහිදී අත්අඩංගුවට
EDEX

දරුවෙකු අනතුරේ හෙළා සුළි කුණාටුවක සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකට ශ්‍රී ලාංකික සහ ඉන්දීය කාන්තාවන් දෙදෙනෙකු හොංකොං පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවන් දෙදෙනාගෙන් අදාළ දරුවාගේ මව ඉන්දීය කාන්තාව බව සඳහන්.

චීනය දෙසට හමායන 'රාගසා' සුළිකුණුව නිසා මේ දිනවල හොංකොං දේශයටද බලපෑම් ඉල්ල වී ඇත.

ඒ හේතුවෙන් එරට වැසියන්ට ආරක්ෂිත ස්ථාන තුළ රැඳී සිටින ලෙසත්, වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසත් එරට ආපදා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

කුණාටු රළ අතිශය අවදානම් බවත්, එය සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව කඩාවැදිය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවා ඇත.

එවන් තත්ත්වයකදී ඉන්දීය සම්බවයක් ඇති මව, සිය දරුවා සමග සුළි කුණාටුවේ ඡායාරූපයක් ගැනීමට ගොස් තිබේ.

එම සෙල්ෆි ඡායාරූපය ගෙන ඇතේ එම මවගේ මිතුරිය වන ශ්‍රී ලාංකික කාන්තාවය.

ඔවුන් ඡායාරූපය ගන්නවාත් සමග එකවර රළ පහරක් කඩාවැදී තිදෙනාම ගාසාගෙන ගොස් ඇති අතර, තිදෙනාම වහාම රෝහල්ගතකර තිබේ. ඔවුන්ගේ ජීවිතවලට කිසිදු අවදානමක් නොමැති බව සඳහන්.

කෙසේ නමුත් අවදානම් සංඥා නිකුත්කර තිබියදීත් ඔවුන් 5 හැවිරිදි දරුවෙකු අනතුරේ හෙළමින් මෙම ඡායාරූපය ගැනීමේ වරටද අදාළව හොංකොං පොලිසිය විසින් අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඡායාරූපය ගැනීමත්, ඉන් අනතුරුව ගසාගෙන යන ආකාරයත් අසල සිටි අයෙකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මීටර් කිහිපයක් උසැති බිහිසුණු රළක් එකවර කඩාවැදී තිදෙනාම ගසාගෙන යන අයුරු එහි දැක්වේ.

'රාගසා' සුළි කුණාටුව වසරේ භයානකම සුළි කුණාටුව ලෙසින් සැලකෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට