
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම තව දුරටත් ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි අදාළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන සඳුදා දිනයේ ද සිදුකිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසුවේය.
කෙසේ වෙතත් අදාළ ප්‍රතිඵල පාසල් තුන්වන වාරය අවසන් වීමට පෙර නිකුත් කෙරෙන බව මීට පෙර ප්‍රකාශ වී තිබුණි.
ප්‍රතිඵල නිකුත් කිරීමේ දී යොදා ගැනෙන ඉසෙඩ් ලකුණු ක්‍රමය පිළිබඳ ගැටලුවක් හේතුවෙන් එය ප්‍රමාද වන බව ඉන් අනතුරුව වාර්තා විය.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ විභාග දෙපාර්තමේන්තුව අතර පසුගියදා සාකච්ඡාවක් ද පැවැත්විණි.

















































