header logo
SLIC
උණුසුම් පුවත්
පුනරුත්ථාපනය වන සෙසු පිරිස ද වසර නිමවීමට පෙර සමාජයට
Nov 19, 201111:47 AM
පුනරුත්ථාපනය වන සෙසු පිරිස ද වසර නිමවීමට පෙර සමාජයට
EDEX

පුනරුත්ථාපනය වෙමින් සිටින සෙසු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිස ද මේ වසර අවසන්වීමට පෙර සමාජගත කිරීමට හැකිබව පුනරුත්ථාපන‍ කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එල්.ඩබ්ලිව්.සී.බී.බී. රාජගුරු මහතා පවසයි.

දකුණු අප්‍රිකානු නියෝජිත පිරිසක් සමග වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ඊයේ(18) පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

වන්නි ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී දැනට සමාජගත කර ඇති එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් රජය දියත් කර ඇති සහන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

එමෙන්ම එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය වූ කාලසීමාවේ දී ඔවුන් දැක්වූ හැකියාවන් පුහුණුවීම් පිළිබඳව පුනරුත්ථාපන කොමසාරිස් ‍ජනරාල්වරයා දකුණු අප්‍රිකානු නියෝජිතයින් දැනුවත් කර ඇති බව ද සඳහන්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට