
මන්නාරම ද්‍රෝණිය ආශ්‍රිත දියඹේ දී ගෑස් නිධියක් හමුවූ බව Cairn Energy Plc සමාගමේ අතිරේක සමාගමක් වන Cairn India Ltd සමාගම මගින් තහවුරු කර තිබේ .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(02) නිවේදනය කළේය.
මෙම සොයාගැනීමේ වාණිජමය වටිනාකම තහවුරු කිරීම සඳහා තවදුරටත් කැණීම් සිදුකළ යුතු බව අදාළ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අගෝස්තු මස මුල් සතියේදී මේ සම්බන්ධ කැණීම් කටයුතු ආරම්භ කළ බවත්, ස්වභාවික ගෑස් නිධිය පසුගිය සතියේ මතුවූ බවත් එම සමාගම ප්‍රකාශ කර තිබේ.

















































