
ශ්‍රී ලංකාව සතු විශාල ස්වාභාවික ගෑස් නිධියක් ඇති බවට තහවුරු වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් පවතී දැයි සොයා බැලීම සඳහා අදාළ කැණීම් කළ සමාගම තමා වෙත මේ පිළිබඳ දැනුම් දුන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මහනුවර ජනාධිපති මන්දිරයේ අද(02) පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
නුදුරු අනාගතයේ දීම ශ්‍රී ලංකාවෙන් තෙල් ලැබෙන බවට ද තමා විශ්වාස කරන බව එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේය.












































