
ජෙලට්නයිට් කූර 27ක් සහ ඩෙටනේටර් 493ක් ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු නිලාවේලි, වේලූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (24) නිලාවේලි පොලීසියට ලද තොරතුරක් මත ගොපාලපුරම් නාවික හමුදා කඳවූරේ නිලධාරීගේ සහාය ඇතිව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරු 27 හැවිරිදි වේලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (25) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නිලාවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































