මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට යොමුකරවන්නැයි ඉල්ලීමක්

මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට යොමුකරවන්නැයි ඉල්ලීමක්

September 23, 2021   04:18 pm

මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය සඳහා නොපැකිළිව යොමුකරවන ලෙස දෙමව්පියන් සහ වැඩිහිටියන්ගෙන් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති.

ලෝකයේ සහ මෙරට විශේෂඥ කමිටුවල නිර්දේශ සහිතව දරුවන්ට එන්නත්කරණය සිදුකෙරෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අනියත බියකින් තොරව නිවැරදි අවබෝධය සහ උනන්දුව තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා ලෙසය.

“දරුවන් එන්නත්කරණය” තේමාව යටතේ අද (23) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කෙරුණි. 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය එය සංවිධානය කර තිබුණි.

ඊට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහභාගී විය.

එහිදී, එන්නත්කරණය පිළිබඳව විශේෂඥයන් නොවන පිරිස් මාධ්‍ය මගින් කරන ප්‍රකාශ පිළිබඳ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කනගාටුව පළ කළේය. 

සියලු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් එන්නත්කරණය පිළිබඳ ප්‍රවෘත්ති ප්‍රචාරණයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ඊට සම්බන්ධ ආයතන, විශේෂ සේවා සපයන විශේෂඥයන්ගෙන් තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඒවා ප්‍රචාරය කරන ලෙසය.

දරුවන් එන්නත්කරණය ඉතා සංවේදී කරුණක් බැවින් එහිදී වෛද්‍යවරුන් සේම මාධ්‍ය ද වගකීමෙන් කටයුතු කළ යුතු බවද මෙහිදී සඳහන් කෙරුණි.

සම්පූර්ණ නිවේදනය පහතින්,