සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක්
February 15, 2020 10:25 am
කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
252 වන අධිකාරිය වන මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියේ ආ, ඇ, ඈ යන උප වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව අදාළ පියවර ගෙන ඇති බවයි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව සයින්දමරුදු නගර සභාවේ නිල කාලය 2022 වසරේ මාර්තු මස 20 වන දින සිට ක්‍රියාත්මක වන බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
සයින්දමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද මෙම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
එහි නැගෙනහිර සීමාව ලෙස ඉන්දියන් සාගරය නම් කර ඇති අතර බස්නාහිරට වෙට්ටේආරූ නම් කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් කල්මුණ මහ නගර සභාවේ සහ සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන සීමාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය අතර පසුගිය කාලසීමාව තුළ මත ගැටුම් ද පැවතියේය.
saindamarudu by Prageeth Karunasinghe on Scribd
