තිදෙනෙකු බිලි ගත් හොරොව්පතානේ ශාන්තිකර්මය

තිදෙනෙකු බිලි ගත් හොරොව්පතානේ ශාන්තිකර්මය

September 11, 2019   03:35 pm

අනුරාධපුර, හොරව්පතාන ප්‍රදේශයේ පැවති විශ්ව ශක්තියෙන් රෝග සුව කරන ශාන්තිකර්ම වැඩසටහනට සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අනුරාධපුර, හොරොව්පතාන ප‍්‍රදේශයේ පාසැල් ක‍්‍රීඩා පිටියකදී 25000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පසුගිය සෙනසුරාද දින පැවති බව වාර්තා වෙයි.

අප වාර්තාකරු පැවසුව් මෙලෙස ජීවිතක්ෂයට පත් පුද්ගලයින් තිදෙනා රෝහල්ගත කර ඇත්තේ අදාළ ශාන්තිකර්මය තිබූ ස්ථානයේදී ඔවුගේ රෝග තත්ත්වය බරපතළ වීමෙන් පසුව බවයි.

මෙම ශාන්තිකර්මයෙන් මිය ගිය පුද්ගලයෙකුගේ දේහය ඊයේ(10) කැකිරාව, ඉහළගම ප්‍රදේශයේදී භූමදාන කටයුතු සිදු කළ බව වාර්තා වෙයි.

අදාළ පුද්ගලයා කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචි 63 හැවිරදි පුද්ගලයෙකු බව අප වාර්තාකරු පවසයි.