දිවයින පුරා අදත් වෙසක් සැමරුම්

දිවයින පුරා අදත් වෙසක් සැමරුම්

May 19, 2019   07:40 pm

වෙනත් වසරවලට සාපේකෂව වෙසක් තොරණ, පහන්කූඩු  හා දන්සැල් ආදියේ මෙවර අඩුවක් දක්නට ලැබුණත් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ වුවද දිවයිනපුරා වෙසක් සැමරැම් වැඩසටහන් රැසක් පැවැත්වුණි.

සම්බුදු තෙමගුල සිහිපත් කරමින් කොළඹ නගරයේ පහන්කූඩු ,තොරණ ඉදිකර තිබූ අතර මංමාවත් විදුලි බුබුළුවලින් ආලෝකමත් කර තිබුණේ මේ අයුරින්ය.

මෙවර හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපය සඳහා එකතු වූ මූල්‍යාධාර ඉකුත් අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙත පිරිනැමීම ඊයේ සිදුකෙරුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ද සහභාගිත්වයෙන්ය.

මේ  අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය මෙවර වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ඉතා කුඩා ප්‍රමාණයේ පහන් කූඩුවක් මෙවර නිර්මාණය කර තිබුණි.

සම්පූර්ණ පහන් කූඩුවේ උස අඟල් 5කි.

වෙනත් වර්ෂවලට සාපේක්ෂව  දිවයින පුරා මෙවර ලියාපදිංචි කළ දන්සැල් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණත් පැවති දන්සැල් ජනතාවගෙන් පිරීගොස් තිබූ අයුරු මෙවර දැකගත හැකිවුණි.

වෙනත් ආගමිකයින්ද මෙවර වෙසක් පුන් පොහොය සැමරීමට බෞද්ධ ජනතාව සමඟ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල එක්ව සිටීම සුවිශේෂීයි.