header logo
SLIC
උණුසුම් පුවත්
විදුලි අර්බුදය තවත් උග්‍ර වන ලකුණු?
Mar 26, 201907:24 PM
විදුලි අර්බුදය තවත් උග්‍ර වන ලකුණු?
Mobitel 1278

2014 න් පසුව අලුතින් විදුලි උත්පාදනය කිරීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමේ පාප කර්මයට තමන්ට මුහුණ දීමට සිදුව ඇති බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසය අවසන් වන විට වැසි නොලැබුණහොත් විදුලි අර්බුදය තවත් උග්‍ර වන බවයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ සියල්ලෙහිම වරින්වර සිදුවන විදුලි කප්පාදුව සියලු දෙනාගේම කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.

මෙරට දෛනික උපරිම විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2600ක් වුවත් ඉන් ජාතික විදුලි පද්ධතියට මේ වනවිට සපයනු ලබන්නේ මෙගාවොට් 2260 ක උපරිමයක් පමණයි.

එලෙස සැපයෙන විදුලියෙන් මෙගාවොට් 500ක පමණ ප්‍රමාණයක් ජල විදුලියෙන් උත්පාදනය කරයි.

ඉතිරි මෙගාවොට් 1760ක ප්‍රමාණය සපුරා ගන්නේ ඩීසල්, දැවිතෙල් හා ගල් අඟුරු ඇතුළු තාප විදුලියෙනි.

මෙලෙස මෙගාවොට් 340ක හිඟයක් සහ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සීග්‍රෙයන් පහළ බැස ඇති පසුබිමක මෙරට විදුලි අවශ්‍යතාව තවදුරටත් සපුරාලීමට විදුලිබල මණ්ඩලයට හැකිවේවිද ?

පවතින වියළි කාලගුණයත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ රැසක ජල ධාරිතාවය 30% ටත් වඩා පහළ බැස තිබේ.

ඒ අනූව කාසල්රි ජලාශයේ ජල ධාරිතාවය 9.8% දක්වා පහළ බැස ඇති අතර එම ජලාශය ආශ්‍රිත විමලසුරේන්ද්‍ර, පැරණි ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය විදුලි බලාගාර වල විදුලි උත්පාදන මෙගා වොට් 378.5 සිට මෙගා වොට් 168 දක්වා පහළ බැස තිබේ.

සමනල වැව ජලාශයේ ධාරිතාවයද මේ වන විට 18.2% දක්වා පහළ බැස ඇති අතර එහි විදුලි බලාගාරයෙන් මෙගා වොට් 120ක් උත්පාදනය කළ හැකි වුවත් මේ වන විට උත්පාදනය කෙරෙන්නේ මෙගා වොට් 40ක් පමණයි.

33% දක්වා ධාරිතාවය පහළ ගොස් ඇති කොත්මලේ ජලාශයෙන් ක්‍රියාත්මක මෙගාවොට් 201ක් උත්පාදනය කළ හැකි කොත්මලේ බලාගාරයේ විදුලි උත්පාදනය ඊයේ රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම නැවතී තිබුණි.

එමෙන්ම මෙගා වොට් 150ක් නිෂ්පාදනය කළ හැකි ඉහළ කොත්මලේ බලාගාරයෙන් මේ වන විට නිෂ්පාදනය කෙරෙන්නේ මෙගා වොට් 50ක් පමණයි.

වික්ටෝරියා ජලාශයේ ධාරිතාවයද 36.3% දක්වා පහළ ගොස් ඇති පසුබිමක මෙගා වොට් 195ක් උත්පාදනය කළ හැකි වික්ටෝරියා විදුලි බලාගාරයෙන් මේ වන විට උත්පාදනය කෙරෙන්නේ මෙගා වොට් 47යි.

කෙසේ වෙතත් රන්දෙණිගල ජලාශයේ 88.1%ක ජල ධාරිතාවයක් අද පෙරවරුව වන විට පැවතුණද, මෙගා වොට් 116ක් ජාතික විදුලි බලපද්ධතියට එක්කළ හැකි රන්දෙණිගල බලාගාරයේ විදුලි ජනන කටයුතු සිදුකෙරෙන්නේ රාත්‍රි කාලයේ පමණයි.

පවතින ජල ගැටලුවත් සමඟ රන්ටැඹේ, උකුවෙල කුකුළේ ගඟ විදුලි බලාගාර වලින් විදුලි උත්පාදනයද රාත්‍රි කාලයට පමණක් සීමා කර තිබේ.

එමෙන්ම ඉඟිනියාගල ජල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද ඊයේ රාත්‍රි වන විට නවතා දමා තිබුණි.

මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියත් කළ වැඩසටහනද මේ වන විට තාවකාලිකව නවතා දමා තිබේ.

මෙවන් පසුබිමක අප්‍රේල් මාසය අවසන් වන විට දිවයිනට වර්ෂාව නොලැබුණහොත් පවතින විදුලි අර්බුදය තවත් උග්‍ර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට