මේකයි ප්‍රශ්නය....!

මේකයි ප්‍රශ්නය....!

March 31, 2014  

Bookmark and Share
නාවල ජනාධිපති බාළිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් සිසුවියකට හිජාබ් ඇඳුම වෙනුවට පාසලේ නිල ඇඳුම ඇඳගෙන එන්නැයි එහි විදුහල්පතිනිය විසින් කළ බව කියන ඉල්ලීමක් නිසා එම ළමයාගේ මව්පියන් මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. එම සිද්ධිය මුල් කර ගනිමින් පාසල සුරැකීමේ සංවිධානය විසින් අද එම විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. එම පාසලේ සිසුවියන් තුන්දහසක් පමණ අධ්‍යාපනය ලබන බව පැවසෙන අතර ඒ අතරින් ළමුන් 30ක් පමණ මුස්ලිම් බව කියැවේ. එම ළමුන්ගෙන් අයෙකු මෙලෙස හිජාබ් ඇඳුම පැළඳ පාසලට පැමිණි සිද්ධියක් අද විරෝධතාවය පැවැත්වීමට මූලික වී ඇතැයි පැවසේ.

ඡායා රූ - සංජීව ලසන්ත