header logo
Vallibel FD
උණුසුම් පුවත්
ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි
Nov 13, 201806:08 PM
ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි
Mobitel 1278

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද අධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබේ.

මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 6 යන දිනවල පවත්වන බවද අධිකරණය තීන්දු කළේය.

පුරා දින දෙකක් තිස්සේ පැවති දීර්ඝ කරුණු සලකා බැලීම් වලින් පසුව අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අද පෙරවරුවේ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බව කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් එම වගන්තිය තුලින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අධිකරණය මඟින් අත්හිටුවීමක් සිදුකරනු ලැබූවොත් ඒ තුළින් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අත්හිටුවීමක් වීමක් සිදු වන බව ද නීතිපතිවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව අමාත්‍ය උදය ගම්මන්පිල, ආචාර්ය චන්න ජයසුමන, නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පාර්ශව හයක් විසින් මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සිදු කළේය.

ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය හමුවේ දන්වා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන නිවේදනය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි.

මේ හේතුවෙන් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබෙන සහන ව්‍යවස්ථාවට පටහැනි ඒවා බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන මෙන් ද මැදිහත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , නීතිඥ අරුණ ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

මෙම විසුරුවා හැරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් විභාගය අවසන් තීන්දුවක් ලබාදෙන පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්