IOC මිල වැඩි වෙයි - සිපෙට්කො පැවති මිලටම
July 6, 2018 02:53 pm
ඉන්ධන මිල ගණන් සංශෝදනය කළ ආකාරයටම ලබාදෙන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමණාකර අධ්‍යක්ෂ ශාම් බෝරා මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.
මේ අතර ඉන්ධන මිල ගණන් පැවති මිලටම ලබා දෙන ලෙස ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම්දී තිබේ.
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝදනය වන බව මුදල් අමාත්‍යංශය දැනුම් දුන්නේය.
