header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කැනඩාවේ දී පදික වේදිකාවක් මතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය අය අතර ලාංකීක කාන්තාවක්
Apr 25, 201808:47 AM
කැනඩාවේ දී පදික වේදිකාවක් මතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය අය අතර ලාංකීක කාන්තාවක්
Mobitel 1278

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය අය අතර ශ්‍රී ලාංකීක කාන්තාවක් ද සිටින බව අනාවරණය වී තිබේ.

ඇය නමින් රේණුකා අමරසිංහ නැමැති වයස අවුරුදු 48 ක් පමණ ශ්‍රී ලාංකික කාන්තාවක් බව අද දෙරණට වාර්තා වී ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන් කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය අහංගම රතනසිරි හිමියන්ගෙන් අප විමසීමක් සිදු කළ අතර උන්වහන්සේ කියා සිටියේ, ඇය ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන බවයි.

වයස අවුරුදු 7ක පමණ කුඩා දරුවෙකු සිටින මෙම කාන්තාව තනියම රැකියාවක් කරමින් දරුවා හදාවඩා ගෙන ඇති බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.

දරුවා ඉපදීමට සිටින විටදීම ස්වාමි පුරුෂයා ඇය අත්හැර ඇති බවත් වසර 15 ක පමණ කාලයක් පුරා මෙම කාන්තාව කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථානය සමඟ සම්බන්ධතා පැවැත් වු බවත් රතනසිරි හිමියන් සඳහන් කරයි.

ඇය මේ වන විට කැනඩාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බවත් එනිසා අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන ආකාරය පිළිබඳ දායක සභාව සමඟ සාකච්ඡා කළ බවත් උන්වහන්සේ පැවසීය.

ඉතා ධෛර්යවන්ත කාන්තාවක් වු ඇයගේ කුඩා දරුවාගේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ඉටු කළ යුතු වැඩ පිළිවෙල ගැනද අවධානයට ලක් කළ ඇති අතර ඒ පිළිබඳ කළ හැකි සියලු දේ කිරීමට විහාරස්ථානය කටයුතු කරන බව ද උන්වහන්සේ සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් හඳුනා ගැනීම අසීරු වී ඇති බවත් මේ වන විටත් මළ සිරුර භාර දීම කර නොමැති බවත් රතනසිරි හිමියන් පැවසීය.

ලංකාවට පැමිණ සිය මව හා සහෝදරයන් ද හමුවී නැවතත් කැනඩාවට පැමිණ සතියක් වැනි ඉතා කෙටි කාලයකින් ඇය මෙම අනතුරට මුහුණ දී තිබේ.

අනතුර සම්බන්ධයෙන් කැනඩා රජය සිය ශෝකය පළ කළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.



MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්