රාජිත නෙවිල් ප්‍රනාන්දු මුල්ලේරියාවට ගේන්න හදයි- රජයේ ස්ථාවරය වහා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්නැයි ජනපතිට ලියුමක්

රාජිත නෙවිල් ප්‍රනාන්දු මුල්ලේරියාවට ගේන්න හදයි- රජයේ ස්ථාවරය වහා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්නැයි ජනපතිට ලියුමක්

November 12, 2017   07:54 am

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කඩිනමින් දැනුම්දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවයි.

 සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය මේ වන විට පොරොන්දුවක් ලබා දී තිබුණ ද එය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දිය යුතු බව වෛද්‍ය නලීන් ද හේරත් මහතා සදහන් කළා.

මේ අතර වසර දෙකක් තුළ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල මුල්ලේරියාව රෝහලට ඒකාබද්ධ කර ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.