නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර අමල් කරුණාසේකරට

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර අමල් කරුණාසේකරට

July 22, 2017   11:43 am



නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් කේ.ඒ.ඩී අමල් කරුණාසේකර මහතා පත් කර තිබේ.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාරගැනීමෙන් අනතුරුව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර පුරප්පාඩුව පැවතියේය.

ඒ අනුව එම තනතුර සඳහා මේජර් ජනරාල් කේ.ඒ.ඩී අමල් කරුණාසේකර මහතා පත් කර ඇති බව සඳහන්ය.

ඔහු මේ වන සපුගස්කන්ද ආරක්ෂක සේවා සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපතිවරයා ලෙසද ඔහු සේවය කරයි.

1991 වර්ෂයේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වන අමල් කරුණාසේකර මහතා 1994 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුව හා එක්වෙයි.

වෘත්තීමය හමුදා ක්ෂේත්‍රයේ වසර 35කට වැඩි කාලයක් දක්ෂතා පෙන්නුම්කර ඇති ඒ මහතා විදෙස් රටවල් රැසක උසස් අධ්‍යාපනය හදාරා තිබේ.

මව් බිමට සිදු කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් රණ වික්‍රම, රණශූර, විශේෂ සේවා සහ උත්තම සේවා යන පදක්කම්වලින් ද මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා පිදුම් ලබා තිබේ.