header logo
SLIC
උණුසුම් පුවත්
උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි - වෛද්‍යවරුන්ගේ සටනත් සාධාරණයි
Jun 23, 201701:53 PM
උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි - වෛද්‍යවරුන්ගේ සටනත් සාධාරණයි
EDEX

උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද (23) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

මේ වනවිට අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. ආදායම බිඳ වැටිලා. ආණ්ඩුව කළ යුත්තේ වියදමට සරිලන විදිහට ආදායම වැඩි කරගන්න එකයි. නමුත් ආණ්ඩුව කරන්නේ ආදායමට අනුව වියදම අඩුකරගන්න හදන එකයි. අඩු කරන්න හදන්නේ මොනවද? ජනතාව වෙනුවෙන් කරන වියදම් අඩු කරනවා. නමුත් ඇමතිවරු වෙනුවෙන් දරන බර අඩු කරන්නේ නැහැ. වාහන ගේනන, බිල්ඩින්වලට කරන වියදම අඩු කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්නයක්. අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වැරදි එකක්.

මේ ආණ්ඩුව බලයට එනකොට ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්තියට විරුද්ධ එකක්. මේක ඊනියා යහ පාලනයක් තියෙන ආණ්ඩුවක්. ආණ්ඩුව එනකොට කිව්වේ ශිෂ්‍යයන්ට පහර දෙන්නේ නැහැ, උද්ඝෝෂණ මර්දනය කරන්නේ නැහැ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය දෙනවා කියලා. නමුත් අද අඳ, ගොළු, බිහිරි පාසැලක් වගේ. ජනතාවගේ ප‍්‍රශ්න ඇහෙන්නේ නැහැ. පොලීසියට පොල්ල දෙනවා ප‍්‍රශ්න විසඳන්න කියලා. පොලීසියට ප‍්‍රශ්න විසඳන්න පුළුවන්නම් රටකට ඇමති මණ්ඩලයක් ඕන නැහැ.

මේ ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්න උත්සාහ කරනවා. සයිටම් වැහුවොත් ඒකට බාධා වෙන නිසා ආණ්ඩුව මාරාන්තිකව මේ ආයතනය වෙනුවෙන් පෙනී ඉන්නවා. රටේ බහුතරක් දෙනා මේ ආයතනයට විරුද්ධ වෙනකොට ආණ්ඩුව එක ආයතනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ ප‍්‍රශ්නය විසඳන්නේ නැතිනම් අපිට සිදුවෙනවා ආණ්ඩුව ගෙදර යවන තැනකට සටන වර්ධනය කරන්න. ඒක මර්දනයෙන් වළක්වන්න බැහැ කියලා අපි ආණ්ඩුවට කියනවා.

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.

වෛද්‍යවරුන් ආණ්ඩුවට බලපෑම් කරනවා සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා. වෛද්‍යවරුන්ගේ සටන සාධාරණයි. ඔවුන් වගකීම් විරහිත නැහැ. මේ වෛද්‍ය වර්ජනයක්. කලින් සැලසුම් කරල තිබුණ එකක් නෙවෙයි. ශිෂ්‍යයන්ට පහර දුන් එකට විරෝධය පළ කරලා තමයි වර්ජනය ආරම්භ වුණේ. මේකෙන් රෝගීන්ට පාඩුවක් වෙනවා. නමුත් වෛද්‍යවරුන් කියලා තිබෙනවා ඩෙංගු රෝගීන්ට සහ අත්‍යාවශ්‍ය සේවාවලින් වළකින්නේ නැහැ කියලා. මෙහි වගකීම බාර ගත යුත්තේ ආණ්ඩුවයි. මොකද, වර්ජනය කැඳවා ගත්තේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නිසා. ඒ වගේම වර්ජන ක්‍රියාමාර්ග වැඩි කරගන්නෙත් ආණ්ඩුවයි. වෛද්‍ය වර්ජනය අසාර්ථකයි කියලා එම ක්‍රියාමාර්ගය විහිළුවකට ගන්න ආණ්ඩුව හදනවා නම්, අසාර්ථකයි කියනවා නම් වෛද්‍යවරුන්ට සිදුවෙනවා, ක්‍රියාමාර්ග වැඩි කරන්න.

වර්ජනයක් ඇතුළේ වුවත් අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන එක ගැන අපි වෛද්‍යවරුන්ට ස්තුතිවන්ත විය යුතුයි. මේ ආණ්ඩුව මෝඩ, උද්දච්ඡ ඔළුව තිබුණට මදය නැති ආණ්ඩුවක්. අගමැතිට, සෞඛ්‍ය ඇමතිට, අසනීපයක් හැදුණොත් බෙහෙත් ගන්න සිංගප්පූරුවේ, ඇමරිකාවේ රෝහල් තිබෙනවා. ජනාධිපති අරමුදලේ සල්ලි තියෙනවා. අහිංසක දුප්පත් ඩෙංගු රෝගීන්ට ප‍්‍රතිකාර නැතිවෙන එක ඔවුන්ට ගාණක් නැහැ. ඒ නිසා මේ පොඩි වර්ජනය ලොකු වර්ජනයක් කර ගන්න ආණ්ඩුව හදනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මෝඩ ඇමතිවරුන් මේකට වගකිව යුතුයි.

සිසුන් පැය 3ක් විතර අමාත්‍යාංශ භූමියේ හිටියා කිසිදු අලාභයක් සිදුවුණ බවට ඒවෙලාවේ රූප රාමු නැහැ. නමුත් පොලීසියයි, විශේෂ කාර්ය බලකායයි යොදවලා ශිෂ්‍යයන්ට පහර දෙන්න ගනිද්දී තමයි දේපළවලට අලාභහානි සිදුවුණේ. ඒ නිසා මේ භෞතික අලාභය සිදුකරගත්තේ ආණ්ඩුව විසින්. දැන් ඒකට අත්අඩංගුවට ගන්නේ ළමයි. ඔළු පලපු, අතපය කඩපු අය එළියේ ඉද්දී ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුවකට වටින්නේ මිනිස්සුද, භෞතික දේවල්ද? ශිෂ්‍යයන්ගේ ඔළුවද, වාහනයේ වීදුරුවද කියලා අපි අහනවා?

උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නෙවෙයි. සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළනවා. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක. පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳන්න බැහැ. ශිෂ්‍යයන්ට සාකච්ඡාවක් ලබා දුන්නා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. ශිෂ්‍යයන්ට ගහන්න ගත්තොත් මේ අරගල තවත් වැඩි වෙයි. මේ සටන එවැනි තත්ත්වයකට යන එක වළක්වාගත යුත්තේ ආණ්ඩුවයි. මේ සටන ඉතාම සාධාරණ සටනක්. ඒ සටනින් ඉදිරියෙන්ම අපි ඉන්නවා. අපි ඒක හංගන්නේ නැහැ.

ආණ්ඩුව උත්සාහ කරනවා මේක අධිකරණයට බාර දීලා ගැලවෙන්න. නමුත් ආණ්ඩුව අධිකරණය හසුරුවන්නේ කොහොමද කියලා මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනව. මහින්ද අමරවීරලා විපක්‍ෂයේ ඉන්නකොට ආණ්ඩුවට විරුද්ධව විවිධ දේවල් කළා. පාරවල් වැහුවා. පොලීසිය සමඟ ගැටුණා. දැන් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හරි සදාචාරසම්පන්නයි, අහිංසකයි කියලා පෙන්වන්න හදනවා. මෙවැනි දෙබිඩි ප‍්‍රකාශ කරන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ආණ්ඩුවක් ජනතා හඬට කන් දෙන්නේ නැත්නම් සටන් ඇතිවෙනවා. ලෝකයේ කොයි රටෙත් එහෙමයි. ව්‍යවස්ථාවේ අයිතියක් තිබෙනවා, අදහස් ප‍්‍රකාශ කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ. ඒ අයිතිය නිසා තමයි ආණ්ඩුව උසාවියට යන්නේ වාරණ ගන්න. ව්‍යවස්ථාවේ එහෙම අයිතියක් නැත්නම් උසාවියට යන්න ඕන නැහැ. ආණ්ඩුව මේ වගේ ප‍්‍රකාශ කරලා මේ ප‍්‍රශ්නය යට ගහන්න බැහැ. මොකද, මේ රටේ වෛද්‍ය සභාව පවා සයිටම් ආයතනය වහලා දාන්න කියලා වසර ගණනක් තිස්සේ කියනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියනවා. ඒ නිසා මේ ආණ්ඩුවට තිබෙන්නේ වෙන වුවමනාවක්. ජනාධිපති මෛත්‍රීපාලට ඡන්දය දුන්නේ සයිටම් මුදලාලි නෙවෙයි. මේ රටේ ලක්‍ෂ හැට දෙකක් ජනතාව. ඒ නිසා ඔහු තීරණය කළ යුතුයි ජනතා හඬට කන් දෙනවාද නැද්ද කියලා.

අපි මේ සටන කරන්නේ හැමෝම වෙනුවෙන්. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ටත් සාධාරණයක් විය යුතුයි. ඒ ශිෂ්‍යයන්ගෙන් ලක්‍ෂ 100ක් 125ක් අරගෙන ඔවුන් අනාථ කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සියලූ දෙනාගේ සටනක් කියලා. මේ රටේ සියලූම ළමයි අපිට එක වගේ. මේ රටේ දුවා දරුවන් කිසිදු වෙනසක් නැතිව අපේ දරුවන්. ඒ සියලූම දෙනාට සාධාරණ විසඳුමක් ලැබෙන්න ඕන.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana