යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට GSP දෙන්න තීරණය කරයි!
April 27, 2017 04:41 pm
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්ව තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 119ක් පමණක් බවයි.
අදාළ යෝජනාවට එරෙහිව ඡන්ද 436ක් ලැබී තිබේ.
නියෝජිතයින් විසි දෙදෙනෙකු අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
