ජල ගාස්තු සියයට 30කින් ඉහළ නඟියි
November 12, 2016 11:29 am
මෙම වසරේ දෙසැම්බර් මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජල ගාස්තු සියයට 30කින් ඉහළ දමන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
සාමාන්‍යයෙන් වසර 03කට වරක් සිදුවන ජල ගාස්තු සංශෝධනයට අනුව මෙවර ජල ගාස්තු ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාද හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර් මහතා සඳහන් කළේය.
යෝජිත ජල ගාස්තු සංශෝධනය මගින් ආගමික ස්ථාන හා පාසල් සඳහා එය බල නොපාන බවද වාර්තා වෙයි.
ජල ඒකකයක් නිපදවීමට රුපියල් 46ක් වැය වුවද එය ඉතා අඩු ගණනකට ජනතාවට ලබා දෙන බවත් ඒ මහතා පවසයි.
මේ අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහාද මෙම ජල ගාස්තු වැඩිවීම බලනොපාන බවද සඳහන්ය.
එමෙන්ම මෙලස ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුවූයේ වසර 4ට පසුව බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් පසුගිය 02 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එම නිවේදනයේ ගාස්තු අය කෙරෙන ආකාරය වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දක්වා ඇති අතර එය අධ්‍යයනය කිරීමෙන් මේ ගැන වැඩිදුරටත් ඔබට තොරතුරු දැනගත හැකිය.
Water Board - Tariff Increase by deranapics on Scribd
